ගොසිප් පුවත්

ඔස්ට්‍රේලියාවේ වසරේ වෛද්‍යවරයා ලෙස නම් කළ, ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ “2021 වසරේ ඔස්ට්‍රේලියානුවා” ලෙස ශ්‍රී ලංකාවේ උපන් වෛද්‍යවරයෙක්ව නම් කර තිබෙනවා. ඔහු “Doctors with Disabilities – Australia” සංවිධානයේ නිර්මාතෘවරයා වන වෛද්‍ය දිනේෂ් පලිපානයි.

 

2010 වසරේදී බ්‍රිස්බේන් මාර්ගයකදී සිදුවූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මේ වනවිට ආබාධිතව පසුවන අතර එහා මෙහා යන්නේ රෝද පුටුවේ උදව්වෙනුයි.

ඔහුගේ පාද පණ නැහැ. ඇඟිලි හැසිරවීම අපහසුයි . එහෙත් ඔහුගේ ධෛර්ය එලෙසින්ම තිබෙනවා.

“මගේ මිතුරා සැමවිටම මට කියන දෙයක් තමයි ජීවිතය කියන්නේ නොනවත්වා උච්චාවචනය වෙන දෙයක්. සාර්ථක වීම් මෙන්ම අසාර්ථකවීම් ද වෙනවා. ජීවිතය හොඳින් ගෙවෙනවිට අපි හැමවිටම එහි රැඳෙන්න උත්සහ දැරිය යුතුයි. එසේම යම් හෙයකින් යම් ගැටළුවක් අවොත් ජීවිතය නැවත සාර්ථක වෙයි කියලා අපේක්ෂාවෙන් සිටිය යුතුයි.” කියලා ඔහු සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පලිපාන, 2019 දී නව ගවේෂණයක් ආරම්භ කළා. ඒ, ආබාධිත පුද්ගලයින්ට ඇවිදීමට හෝ පාපැදියක් පැදීමට උදව් විය හැකි උපකරණයක් නිපදවීම.

ඔහු තවත් ගවේශකයින් පිරිසක් සමග එක්ව කෘතීම කොඳු නාරටියක් වර්ධනය කිරීම ගැනද පර්යේෂණ පවත්වනව. ඒ හරහා අබාධිත පුද්ගලයාගේ කොඳු නාරටියක් මගහැර ඔහුගේ පාදවලට විදුලි සංඥා නිකුත් කරනු ලබනවා.

වෛද්‍ය පලිපාන මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ සේවය කරන අතර ඔහු නීතිවෙදියෙකු ද වෙනවා.

 

මහනුවර උපත ලබා ඇති ඔහු 1994 දී ඔස්ට්‍රේලියාව බලා ගොස් තිබෙන බව තමයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button