Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Dimuth's-statement-on-player-contracts
ක්‍රීඩක කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම සඳහා ක්‍රීඩකයන් පාර්ශ්වයෙන් නියෝජිතයෙකු පත්කර ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවසීය.ඔහු සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට පෙර ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.
බංග්ලාදේශයට එරෙහිව අවසන් වු දෙවන ටෙස්ට් තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
“එක්දින තරගාවලියට තාම කණ්ඩායම තෝරලා නෑ. අවස්ථාවක් ලැබුණොත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග අපි වෙනුවෙන් සාකච්ඡා කරන්න කෙනෙක්ව පත්කරලා තියෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග සාකච්ඡා කරලා බංග්ලාදේශ එක්දින තරගාවලියට පෙර කොන්ත්‍රාත් අත්සන් කිරීම ආදී දේවල් විසඳගනී කියලා මම විශ්වාස කරනවා.”
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…