ගොසිප් පුවත්

ජනප්‍රිය සුරූපී ගායිකා දිල්කි උරේෂා ඇයගේ ආදරණීය පෙම්වතා එක්ක ලංකාව අතහැර ගිහින් ද?

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපූරු සුන්දර කටහඩකට හිමිකම් කියන අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කවුරුත් ආදරය කරන සුරූපී ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ. ඉතින් සත්තයි මට ඔබ වාගේ, හඳපානේ, ඇහැළිය මල, මගෙන් දුර, හුස්මක් තරමට, ලිය ලියා වැනි ගීත හරහා ඇය ප්‍රේක්ෂක හදවත් සොරා ගත්තා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් පහුගිය දවසක ඇය ඇයගේ පෙම්වතාත් එක්ක පැරීසියේ සවාරියක් ගිහින් අයිෆල් කුලුන ඉදිරිපිටදී ගත්ත ආදරණීය ඡායාරූප කිහිපයක් නිසා ඇය ලංකාව හැර ගිහින් කියලාත් කතාවක් සමාජ මාධ්‍යවල කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ ගැන හරියටම දැන ගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇත්තටම ලංකාව අතහැරලා ගියේ නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි රටේ තියෙන වාතාවරණයත් එක්ක පුංචි වෙනසක් කළා නම් හොඳයි කියලා හිතලා ඇය පිටරටකට ගිහින් එන්න තීරණය කළාලු. ඉතින් ඒ විදිහට පැරීසිය තමයිලු ඇය තෝරාගත්තේ. හැබැයි ඇය ඇත්තටම ඒ ගමන ගියේ අපේ රට ගැන කලකිරිලා නෙවෙයිලු. ඉතින් මානසික නිදහස වෙනුවෙන් තමයිලු ඇය පැරීසියට ගිහින් ආවේ. කොහොම නමුත් ඒ ගමන හරිම විනෝදජනකයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට අලුත් අත්දැකීම් රාශියක් ලබා ගන්න හැකි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඇය එහිදී උපරිමයෙන් සතුටු වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම නැවතත් සංගීත කටයුතු කරන්න පැරිස් ගමන අලුත් බලාපොරොත්තුවක් එකතු කළා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම අලුත් ගීත කිහිපයක්ම ඇය දැනට කරලා තියෙනවාලු. ඒ අතරින් එක නිර්මාණයක් ළඟදීම ඇයගේ ආදරණීය රසිකයන්ට තිළිණ කරන්න සූදානම් වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ‘හදවතට එකඟව’ තමයිලු ඇයගේ අලුත්ම ගීත නිර්මාණයේ නම. ඒ වගේම මෙම ගීතය අනෙක් ගීතවලට වඩා වෙනස් විදිහේ ලස්සන හොඳ අත්දැකීමක් වේවි කියලා ඇය හිතනවාලු. ඉතින් ඒ වගේම ඇය මොන ගීතය ගායනා කළත් ඒ හැම ගීතයක්ම අතිශය ආදරයට පාත්‍ර වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඇයට දෙවියෝ දුන්න ආශිර්වාදය නිසා වගේම ඇයගේ රසිකයන්ගේ ආශිර්වාදය සහ ආදරය නිසා ඇයට ලැබුණ දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් මේ අලුත් අත්දැකීම බෙදා ගන්නත් ඇයත් එක්ක එකතු වෙන්න කියලා ඇය ආදරණීය රසිකයන්ට ආරාධනා කරනවා.

ඒ වගේම ඇය පුංචි කාලයේ ඉඳලම සංගීතයට ගොඩක් කැමතියිලු. ඉතින් ඇයගේ අම්මා කියන විදියට ඇය බහතෝරන කාලේ ඉඳලා වචන අහුලගෙන සින්දු කියලා තියෙනවාලු. ඒ වගේම ඇයගේ හැකියාවන් දියුණු කර ගන්න ගෙදරින් ඇයව ඒ පැත්තටම උනන්දු කළා කියලත් ඇය කියනවා. ඉතින් එහෙම තමයිලු ඇය ගායිකාවක් වෙන්න පටන්ගැන්ම ගත්තේ. ඒ වගේම මුලින්ම ඇය තේමා ගීත ගායනා කළාලු. ඉතින් ඊට පස්සේ ඇයගේම ගීත කිහිපයකුත් කළා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ විදිහට තමයිලු ඇය ගායිකාවක් බවට පත් වුණේ.

කොහොම නමුත් ඇය ඇයගේම උත්සාහයෙන්, මහන්සියෙන් තමයිලු ඇය මේ ගමන ආරම්භ කළේ. ඉතින් ඇය කළා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහක් වගේ කාලයක් ගතවෙලාලු. කොහොම නමුත් ඇයගේ ගමන නවත්තන්න ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට මේ අවුරුදු පහක ගමන ඇතුළේ බාධක සෑහෙන්න තිබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අදටත් ඒවගේ අඩුවක් නැහැ කියලත් ඇය කියනවා. නමුත් ඇයගේ උත්සාහය අත් හරින්න ඇය කොතැනකදීවත් තීරණයක් ගත්තේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් එන හැම අභියෝගයකටම මුහුණ දෙමින් ඇයගේ ගමන ඇය හෙමීට යනවාලු. ඉතින් ඇයට කවුරුවත් පරද්දන්නවත්, ඉක්මනින් ජනප්‍රිය වෙන්නවත්, කාගෙවත් අවස්ථාවක් නැති කරන්නවත් වුවමනාවක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post ජනප්‍රිය සුරූපී ගායිකා දිල්කි උරේෂා ඇයගේ ආදරණීය පෙම්වතා එක්ක ලංකාව අතහැර ගිහින් ද? appeared first on FoxMedia.

Back to top button