‘මම දැන් ගොඩක් සුන්දර යුගදිවියක් ගතකරනවා’ රංජන්ගේ පළමු පෙම්වතිය දිල්හානි කියන කතාව

දිල්හානි අශෝකමාලා ඇයට සිනමාව කියන්නේ ජිවිතේ කොටසක්. මොකද ඒ තරම් සිනමාව තුළ ඇය ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ඇත්තේ හිතාගන්නවත් බැරි විදිහට. අද අපි සුදානම් ඇය හා කතා කිරිමටයි. දිල්හානි කියන්නේ කලාකාරිනියක්. ඉතින් ඔබ ඔබෙ පවුල් ජිවිතේ ගැන කතා කලොත්, “මගේ මහත්තයා මගේ පුතා එක්ක සුපුරුදු විදිහට මම වැඩ කටයුතු කරගෙන යනවා. මගේ ජිවිතේ මුල් තැන දිලා තියෙන්නේ පුතාගේ අධ්‍යාපන කටයුතු වලට. එයා සංගීත ක්ෂේත්‍රයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඉතින් එයාට එයාගේ ගමන යන්න දිලා මම බලන් ඉන්නවා. මොකද දරුවගේ වුනත් ජිවිතේට අනවශ්‍ය බලපෑම් ඇති කරන්න මම කැමති නෑ ඒ නිසා.මම ඈත ඉදන් එයා දිහා බලාගෙන ඉන්නවා.”

Dilhani Ashokamala

ඔබ සැබෑ ජිවිතයේ කොයි වගේ චරිතයක්ද,? “මම බොහොම සරළ කෙනෙක්. හැබැයි මම දුර දිග හිතලා බලලා තමා තිරණ ගන්නේ. මොකද ජිවිතේ අපි ගන්න සමහර තිරණ හදවතට වඩා බුද්ධියට ඉඩ දෙන්න ඕනි. ඒ තිරණ බුද්ධිමත් වෙන්න ඕනි.” දිල්හානි⁣ගේ කලා ජිවිතේ ගැන කතා කලොත්, “මට සිනමාව කියන්නේ ආදුනික තැනක් නෙවෙයි. ඒ වගේම පුංචි තිරය වුනත්. මෑතකට ආසන්න කාලයක තමා ‘වැලි පවුරු’ කියන චිත්‍රපටය තිරගත වුනේ. ඒකේ වැඩ කටයුතු කළා. ම⁣ගේ සිනමා ජිවිතය ගොඩක් පරණයි. සිනමාවේ මගේ මුල්ම පෙම්වතා වුනේ රන්ජන් රාමනායක. ඒක අද වගේ මතකයි.”

Dilhani Ashokamala

බොහෝ කලාකරුවන් වර්තමාන තත්වය එක්ක රට අතහැර යන්න තිරණය කරනවා. ඔබ ඒ ගැන හිතන්නේ මොන වගේ අදහසක්ද, “මම කියටවත් මගේ රට අතැරලා යන්නේ නෑ. මොකද මම පිට රටක ජිවත් වෙන්න ආස වුන කෙනෙක් නෙවෙයි. දරුවන්ගේ අනාගතය එක්ක එයාලා මොන වගේ තිරණ ගනිද දන්නේ නෑ. හැබැයි මම කැමති මේ රටේ ජිවත් වෙන්න” කියලයි.

Dilhani Ashokamala
Exit mobile version