ගොසිප් පුවත්

මට පරිප්පුයි සැමනුයි තිබ්බොත් වෙන මොනවත් ඕන නෑ, මම කැමති ප්‍රියමනාප කෙනෙක් මගේ පෙම්වතිය කරගන්න – දෙව්නක පෝරගේ

ධනුෂ්ක රත්නායකගේ ‘හිත ළග හිනැහුණා’ ටෙලිනාට්‍යයේ සිහින විදියට පුංචි තිරය ඔස්සේ අපි අතරට එන තරුණ රංගන ශිල්පියෙක් තමයි දෙව්නක පෝරගේ කියන්නේ. ඉතින් තුරුණු රංගන ශිල්පියෙක් පමණක් නෙමෙයි ඔහු හොද ගායකයෙක්ද වනවා. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියාට දක්ෂ රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ නැන්දනියයි. ඉතින් පවුලේ එකම දරුවා වන දෙව්නක පෝරගේ වෘත්තීය විදියට රංගනය තමයි සිදු කරන්නේ.

ඉතින් විනෝදාංශයක් විදියට ගායනය කරන ඔහු නීතිය පිළිබදවද ඉගෙන ගනිමින් තමයි සිටින්නේ. ඉතින් කුඩා කාලයේ ඉදලම කලාවට එකතු වුණු දෙව්නක වයස අවුරුදු හතේදි තමයි මුලින්ම වෙළද දැන්වීමකට පෙනී සිටින්නේ.

ඉතින් හිත ළග හිනැහුනා ටෙලිනාට්‍යයේ සිහින විදියට රංගනය කරන දෙව්නකගේ පෙම්වතිය විදියට රංගනය කරන්නේ ශෙනායා. ඇය කිරුළි චරිතයට තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් තවම පෙම්වතියක් නැති දෙව්නක කැමති පෙම්වතියකගේ ලක්ෂණ පිලිබදව ඔහු පුවත් පතකට අදහස් දක්වලා තිබුණා.

” මම ගොඩාක් කැමති ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙනෙක්ට. තිත්ත වුනත් ඇත්ත ඒකයි. ඕනම කෙනෙක් කැමති එහෙම ලස්සන කෙනෙකුට. ඒ වගේම මම කැමති ඒ කෙනාගේ හිනාවට සහ චරිත ස්වභාවයට. ඉතින් පළවෙනියටම මගේ හිත ඇදිලා යන්නේ හිනාවට. ගෙදරින් මට කිසිම බලපෑමක් කරන්නෙ නැහැ. අම්ම ඔය ගැන කතා කරන්න ගත්තම මම කියන්නේ අනේ අම්මේ මට ඔයිට කලින් කරන්න වැඩ තියෙයි කියලා. මගේ කැමති විදියට කෙනෙක් හමු වුනොත් අපේ ගෙදරින් කැමති වෙයි.”

ඉතින් ගෙදර එකම දරුවා විදියට දෙව්නකට තනිකම ගොඩක් හුරු කෙනෙක්. ඒ නිසාම ඔහු නිතරම පාහේ තනියම තමයි කාලය ගත කරන්නේ. ඉතින් ඒ වගේම දෙව්නක සදහන් කරලා තියෙන විදියට ඔහු කන්න කැමති පරිප්පුයි සැමනුයි. ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් වන දෙව්නක පෝරගේ ටෙලිනාට්‍යය ගණනාවකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් තාරුණ්‍යයේ සිහින කුමරා දෙව්නකගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post මට පරිප්පුයි සැමනුයි තිබ්බොත් වෙන මොනවත් ඕන නෑ, මම කැමති ප්‍රියමනාප කෙනෙක් මගේ පෙම්වතිය කරගන්න – දෙව්නක පෝරගේ appeared first on FoxMedia.

Back to top button