චීන ආයෝජන මතින් යන ලංකාවේ සංවර්ධනය.

ඩොලර් බිලියන 15 කට ආසන්න අරමුදල් හා ආයෝඡන සමග චීනය අද ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා බවට පත්ව ඇත. ගේට්වේ හවුස් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් චීන මුදල් සංසරණය මංතීරුව නිරීක්ෂණය කිරීමකට ලක් කරයි. මෙය දකුණු ආසියාවේ චීන ආයෝජන සම්බන්ධව ඔවුන්ගේ අවධානයට ලක් වූ දෙවන අවස්ථාවයි.ශ්‍රී ලංකාවේ 2005-2015 පටන් ගත් දශකය තුළ චීනය ඩොලර් බිලියන 14 ක් වූ නිල සංවර්ධන ආධාර සහ ඍජු විදේශ ආයෝජන හි ප්‍රමුඛතම මූලාශ්‍රය බවට පත්ව ඇත. එයින් වැඩි ප්‍රමාණයක් ණය සහ ප්‍රදාන බලශක්ති, යටිතල පහසුකම් සහ සේවා වැනි අංශ වලට ලැබී ඇති අතර පුද්ගලික චීන ආයෝජනද ලංකාවේ වර්ධනය වෙමින් පවතියි.

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය චීනයේ ප්‍රධාන ව්‍යාපෘති නම් වන අතර මේවා ගෝලීය මුහුදු වෙළඳ මාර්ගයේ උපාය මාර්ගික ස්ථාන වල පිහිටා ඇත. මෙවන් විශාල ව්‍යාපෘති මඟින් බීජිංහි 21 වන සියවසේ සේද මාවත ව්‍යාපෘතියට, “එක් තීරයක්, එක් මාවතක්” ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට ලංකාව සම්බන්ධ කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය හැකියි. සමස්තයක් වශයෙන් ගත් කල, චීනයේ ඍජු විදේශ ආයෝජන අනෙකුත් රටවලට වඩා දිවයිනේ පැහැදිලිව ව්‍යාප්ත වී ඇති බවට පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම ආයෝඡන මඟින් චීන සමාගම්වලට දේශීය වෙළෙඳපොළ ආධිපත්‍යය ලබා ගැනීම චීනයට ඉතා පහසු කාර්යයක් වී ඇත.

යටිතල පහසුකම් සම්බන්ධයෙන් චීන ආයෝජන තුළ පැහැදිලිවම ආරක්‍ෂාව සහ වාණිජමය අවශ්‍යතාවක් ඇතත් ඊට එහා ගිය උපායමාර්ගික, සංස්කෘතික හා සමාජ දේශපාලන මානයක් මේ ආයෝජන වලින් දැකගත හැකිය.

බෞද්ධ වන්දනා කරුවන් සහ ශිෂ්‍යයින් ආකර්ෂණය කර ගැනීම සඳහා බීජිං නුවර 2009 වසරේදී ශ්‍රී ලංකාවේ පූජනීය සිද්ධස්ථානයක් අසල ජාත්‍යන්තර බෞද්ධ ආයතනය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දී ඇත.චීනය ශ්‍රී ලංකාවේ ආයෝඡන කිරීම තවමත් කිසිවෙකු නතර කර නැත. චීනය ශ්‍රී ලංකාවේ කළ ආයෝජන ධාරිතාවේ ප්‍රමාණය සමඟ ඉන්දියානු රජයට සහ පෞද්ගලික ක්‍රීඩකයින්ට තරග කිරීමට සිතීමටවත් නොහැක. පසුගිය ආණ්ඩු සමයේ චීනය සහ ඉන්දියාව අතර ඇති සම්බන්ධතා සම මට්ටමකට ගැනීමට කටයුතු කළ බව දේශපාලන ක්‍රියාකලාපයෙන් අපට දැකගැනීමට හැකිය.

ඒ ආණ්ඩුවේ දෙපැත්ත සමබර කිරීම සාර්ථක අසාර්ථක වුවාද යන්න දැන් ඵලක් නැත. වර්තමානයේ නැවතත් හිස එසවෙන්නේ සේද මාවතයි. සේද මාවතේ වාරයක් ශ්‍රී ලංකාව චීන රාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කිරීමට ඔවුන් යොදන උපක්‍රම, උත්සාහය නොදැක්කා සේ සිටීම විශාල ගැටලුවකි.

ඇතැම් විට එය නොදැක්කා විය නොහැක ඔළුව අතගෑ නිසා ටොකු ක’න්නට වේ දැයි බයෙන් කටපියා සිටිනු විය හැකිය. මඩිය තර කර ගැනීමෙන් පසුව වත්මන් දේශපාලනයට ඔය කෝකත් එකය.

Exit mobile version