ගොසිප් පුවත්

ඉස්කෝලේ අක්ක කෙනෙක්ට මම ලියුමක් ලියලා ඒක ටීචට අහුවෙලා ටීච පන්තියටම ඇහෙන්න කියෙව්වා – දීමංක වෙල්ලාලගේ

අපේ රටේ ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දීප්තිමත් කැපී පෙනෙන චරිතයක් තමයි දීමංක වෙල්ලාලගේ. ඔහුගේ කටහඩට අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඉතින් නව පරපුරේ ගායකයෙක් විදියට ඔහුට තියෙන ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතා ඉහළයි. අහිංසකාවී, ආසයි පවසන්න, නලෝලා, සුදු නංගී, දුරින් හිද මා වැනි ගීත ගණනාවක් ගායනා කරමින් ප්‍රේක්ෂක ආදරය ලබා ගත් කෙනෙක් තමයි දීමංක වෙල්ලාලගේ කියන්නේ.

ඉතින් කුඩා කාලයේ පාසල් තුනකට ගියපු දීමංක හය වසරේ සිට මිශ්‍ර පාසලක තමයි අධ්‍යාපනය ලැබුවේ. පාසල් යන කාලේ ඉදලා අධ්‍යාපන වැඩ වලට වඩා විෂය සමගාමී කටයුතු තමයි ඔහු කරලා තිබුණේ. ඉතින් සංගීතයට වැඩි බරක් දක්වපු දීමංක වෙල්ලාලගේ සංගීත කාමරේ තමයි නිතරම කල් ගෙව්වේ. ගණිතයට සහ අනෙකුත් විෂයන් වලට දක්ෂ නැති නිසා ගෙදර වැඩ පවා කලේ පාසලට ඇවිත්.

ඉතින් පන්තියේ හැමදාම අන්තිමයා වෙන ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සදහානම් ගොඩක් දක්ෂ වෙලා හිටපු කෙනෙක්. පාසල් යන කාලේ සුන්දර විදියට කල් ගෙවපු දීමංක අද වෙන විට රටක් ලෝකයක් දන්න දක්ෂ ගායකයෙක්. ඉතින් ඔහුට අද මුලු රටේම ආදරය ලැබිලා තියෙන්නේ. පාසල් කාලය ගැන දීමංක පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම එක දවසක් ඉස්කෝලෙදි මට වඩා වැඩිමහල් අක්ක කෙනෙක්ට ලව් ලෙටර් එකක් දෙන්න ගිහින් ඒක ටීචට අහුවෙලා මුලු පන්තියටම ඇහෙන්න කියෙව්වා. මට මාර නෝන්ඩිය. ටීච කිව්වා මුගේ මනමාලකම කියලත් කිව්වා. ඉතින් ආදර සම්බන්ධනම් කිහිපයක් තිබිලා තියෙනවා. නමුත් ඒවා තිබිලා එහෙමම නැති වෙනවා. ඉතින් අදටත් මම ඉස්කෝලෙට යනකොට අපි යන කාලේ හිටපු ටීචර්ස්ලා ඉස්සර අපි කරපුවා මතක් කරනවා.

ඇත්තටම ටීචලාට පුදුමයි අපි ඉන්න තැන ගැන. ඇත්තටම මටත් පුදුමයි. වැස්සකට හරි ඉස්කෝලේ ගිය නිසා තමයි මේ විදියටවත් ඉන්නේ. අපිව හැදුව දෙවෙනි අම්මනෙ ඉස්කෝලේ කියන්නේ.”

ඉතින් පාසල් කාලේ ඒ ගත කරපු සුන්දර අත්දැකීම් තමයි ඔහු මේ විදියට සදහන් කරලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඔහු හිතන විදියටම ඉටු වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post ඉස්කෝලේ අක්ක කෙනෙක්ට මම ලියුමක් ලියලා ඒක ටීචට අහුවෙලා ටීච පන්තියටම ඇහෙන්න කියෙව්වා – දීමංක වෙල්ලාලගේ appeared first on FoxMedia.

Back to top button