පාසල් ආරම්භ කිරීමට තීරණය කළේ ඇයි ?

විවෘත කරමින් අනාගතය යම් අනතුරක දමනා කියන කාරණය පිළිබඳ රට තුළ සාකච්ඡාවට ලක්ව වෙනවා“ යනුවෙනි.
එයට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,
“මේවා හිතුවක්කාර විදියට අත්තනෝමතිකව ගන්න තීරණ නෙමෙයි. අපේ විදුහල්පතිවරුන්ට, ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ට කතා කරලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග කතා කරලා, ඒ සියලු දෙනාගේම අදහස් සැලකීමට භාජනය කරලා තමයි අපි තීරණ අරන් තියෙන්නේ. “
නමුත් චමින්ද විජේසිරි මහතා පවසා සිටියේ, වෛද්‍යවරුන්ගේ මතය විවේචනයට ලක්නොකළ ද යම් අතපසුවීමක් මත කොවිඩ් රැල්ලක් දරුවන් හමුවේ ඇති වුවහොත් එහි වගකීම දරුවන්ට භාර ගැනීමට සිදුවේ ද යන්නය.
මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ,
“කිසිසේත් දරුවන්ට ඇඟිල්ල දික්කිරීමට බලාපොරොත්තුවක් නෑ. අපි රට වෙනුවෙන් මේ සියලු සාධක සැලකිල්ලට භාජනය කරලා දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය හා දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් අධ්‍යාපන කොහොමද සපයා දෙන්නේ කියන මේ සියල්ල අපි සැලකිල්ලට භාජනය කරලා තමයි තුලනාත්මක තීරණයක් අපි ගත්තේ ආණ්ඩුවක් හැටියට. “ යනුවෙනි.