දේශීය පුවත්

නැව ගිලුණායින් පසු වරායෙන් කර්මාන්තෙට මාරුවූ දයා රත්නායකට විමල් එක්ක බෑයි කටකතා

පසුගියදා ලෝකයේම අවධානය දිනාගනිමින් මුහුදුබත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා අදාළ සංසිද්ධිවලින් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායකට මාරුවීමක් ලැබී ඇත. ඔහුව මාරු කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධූරයටය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හා ඊට අදාළ වන්දි ලබාගැනීම, වරාය අධිකාරියේ පර්යන්ත ගැටළුව ආදී ප්‍රශ්න නිසා ජනරාල් දයා රත්නායකට මාරුවක් ලැබුණ බවට කටකතා පැතිරිණි
කෙසේ වෙතත් ගුවන් විදුලි නාලිකාවක් අමතා ඇති ජනරාල් දයා රත්නායත හදිසියේ සිදුවූ තනතුරු මාරුව කිසිඳු බාහිර බලපෑමක් මත සිදුවූවක් නොවන බව පවසා තිබේ.

විමල් වීරවංශ ඇමතිවරයා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉවත්වූ පුරප්පාඩුව පිරවීමට එහි නව ලේකම් ලෙස වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පත්කර ඇත.වරාය අධිකාරියේ නව සභාපති ලෙස නිහාල් කැප්පෙට්ටිපොළ මහතා පත්කර ඇත.

දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබුවත් ‘විමල් සමඟ වැඩ කරන්න පවතින අකමැත්ත‘ මත එම තනතුර බාරගැනීමට අකැමැත්ත පළ කොට ඇති බවද ඊයේ සවස තවත් කටකතාවක් පැතිරීණි.
ඔහු ඒ ගැන තවම කිසිවක් ප්‍රකාශ කර නැත.

Back to top button