දේශීය පුවත්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන දිනය

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වනදායින් පසුව ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.ඇය ඒ බව අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 29 වනදා සිට අප්‍රේල් 6 වනදා දක්වා සිදුකෙරිණි.ඇමතිවරිය ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Leave a Reply

Your email address will not be published.

Back to top button