ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්, පන්දු යවන්නෙක් මෙන්ම පන්දු රකින්නෙක් විදිහට ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයා විදිහට කටයුතු කරන මේ තුන් ඉරියව් ක්‍රීඩකයාව බොහෝ දෙනෙක් හදුනන්නේ දස්සා කියන නමින්. ඉතින් ක්‍රීඩා ජීවිතයයි පවුල් ජීවිතයයි දෙකම සාර්ථකව පවත්වාගෙන යන ඔහු විවාහ වෙලා ඉන්නේ චෙවන්ති පෙරේරා කියන සුරූපී තරුණිය සමඟයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා දසුන් ගෙන වගේම මේ ආදරණීය යුවල දැන් ගෙවන සුන්දර ජීවිතය ගැනත් කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් දසුන්ගේ බිරිඳ වෙන්න ඇය ගොඩක් වාසනාවන්ත වුණා කියලයි ඇය කියන්නේ. මොකද දසුන් කියන්නේ මුළු ලංකාවම ආදරය කරන චරිතයක් නිසා. ඉතින් එහෙම කෙනෙක්ගේ බිරිඳ වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම දසුන්ගේ නායකත්වයෙන් ලංකාවේ ඇතුළේ තියෙන තරගයක් නම් ඒක බලන්න ඇය ගොඩාක් වෙලාවට යනවාලු. හැබැයි පිටරටක වගේ නම් සමහර වෙලාවට යැවෙන්නේ නැහැලු. හැබැයි දසුන් ක්‍රීඩාකරන හැම තරගයක්ම වගේ බලන්න යන්න ආසයි කියලයි ඇය කියන්නේ.
ඒ වගේම පසුගියදා නිමාවුණු ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා තරඟ මාලාවේ තුන්වෙනි විස්සයි විස්ස තරගය කවදාවත් ඇයට අමතක වෙන්නේ නැතිවෙයි කියලත් ඇය කියනවා. ඉතින් ඒ තරඟයේ තමයිලු ඔහු පන්දු 25 කදී ලකුණු 54ක් නොදැවී ගහලා අපේ කණ්ඩායම දිනෙව්වේ. ඉතින් වාසනාවකට වගේ එදා ඇය පල්ලෙකැලේ ගියා කියලත් ඇය කියනවා. ඉතින් දසුන්ගේ ඉනිම ඇස් දෙකෙන්ම බලන්න ඇයටත් පුළුවන් වුණාලු. ඉතින් ඒක ගැන ඇයට මාරම සතුටක්ලු තියෙන්නේ. මොකද නිකන් හරි ඒ අවස්ථාව ඇයට මගඇරුණා නම් ඇයට ගොඩාක් දුක හිතෙන්න තිබුණාලු.
ඉතින් ඒ වගේම දසුන් ක්‍රීඩකයෙක් විදිහට නිවුණු චරිතයක් වුණාට ගෙදරදි නම් ටිකක් විතර සැරයි කියලයි ඇය කියන්නේ. මොකද ක්‍රීඩකයෙක් විදිහට එයා කරන්නේ එක භූමිකාවක් වුනාට ගෙදරදි සැමියා විදිහට කරන්නේ තව භූමිකාවක් නිසා. ඉතින් ඒ භූමිකාව ඇතුළේ දසුන් පොඩ්ඩක් විතර සැර වුනාට ගොඩාක් හොඳයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහු කාර්යබහුල නිසා සමහර වෙලාවට ඇයට ලොකු පාළුවක් දැනෙනවාලු. ඒත් ඔහු රට වෙනුවෙන් නේද සෙල්ලම් කරන්නේ කියලා හිතුණාම ඒ පාළුව නැතිවෙලා අහිංසක ආඩම්බරයක් හිතට එනවා කියලයි ඇය කියන්නේ.
ඉතින් ඒ වගේම ඔහු සැමියෙක් විදිහට සාර්ථකයි කියලත් ඇය කියනවා. ඉතින් දෙයක් කරන්න මගඇරුණොත් පස්සේ මතක් වුණාම ඒ වෙලාවේ හරි ඒක කරනවාලු. ඉතින් ඔහු වගේ කෙනෙක් ලැබෙන්න ඇත්තටම ඇය හරි වාසනාවන්තයි කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඒ වගේම දසුන් ටිකක් කලබලයි කියලත් ඇය කියනවා. ඉතින් ඒ කලබලේ නිසාම එයා සමහර වෙලාවට අවුට් වෙනවාලු. හැබැයි කලබලේ මැද අවුට් වෙන්න ගිහින් බේරුණොත් ආයෙත් දසුන්ව අවුට් කරනවා කියන්නේ බොරු කියලත් ඇය කියනවා. අනික තමයි දසුන් ලකුණු ගහපු නැති දවස්වලට ඇය ගොඩාක් දුක්වෙනවාලු.
ඉතින් ඒ වගේම දසුන් නිතරම කියනවාලු ලෝක කුසලානය නම් උපරිමයෙන් කරන්න ඕන කියලා. ඉතින් ඇය හිතනවාලු මෙදා පාර එයා ලෝක කුසලානයේදී එයාගේ කණ්ඩායමත් එක්ක ලොකු පෙරළියක් කරයි කියලා. ඉතින් ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය දසුන්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරනවා බලන්න ඇය හරි ආසයිලු. ඒ වගේම ඇය විශ්වාස කරනවාලු ඒක එහෙම වෙයි කියලත්.

The post ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ appeared first on FoxMedia.