සුව අරණ

එළවළු හෝදලා මද රස්නෙන් ආහාරයට ගන්න – ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද්

ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර ගැන කරන විස්තරයක් මෙසේය.

පසුගිය කාලයේ පුරාවට අපේ රටේ යම්කිසි කාර්යබහුලත්වය නිසා ආහාර රටාවේ සහ ජීවන රටාවේ සෑහෙන්න වෙනස්වීමක් සිදු උනා…මේක සෘජුවම ජනතාවගේ ප්‍රතිශක්තිකරණයට සහ සෞඛ්‍ය වලට බලපානවා…ජනතාව කෘතිම ආහාර වලට පුරුදු වෙලා තියෙනවා… අද කුකුල් මස් ගත්තත් දැන් විවිධ එන්නත් ලබාදීලා ගන්නවා…ඒවා ළමුන්ට දෙනවා එහෙම උනහම ඒවා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණයට බලපානවා…අපි ජනතාවට කියනවා ආහාර ගනිද්දි එළවළු හෝදලා මද රස්නෙන් ආහාරයට ගන්න ඒක ඇත්තටම මේ ප්‍රතිශක්තිකරණයට හොදයි ඒ වගේම කොත්තමල්ලි වගේ ඖෂධීය පානයන් පානය කරන්න…අවම වශයෙන් දවසකට එක් වතාවක්වත් කරන්න මේ දේවල්..

ඊට අමතරව යම් මට්ටමක රෝගී ලක්ෂණයක් දැනෙනවානම් ඒ අවස්ථාවේදී ගෙදර තියෙන ලුනු වතුර වලින් උගුර සෝදන්න…දිනකට තුන් සැරයක්වත් මුඛ පිරිසුදු කරගැනීමට හැකිනම් මේ රෝගය ව්‍යාප්තිය අවම කරගන්න පුළුවන්…සාමාන්‍යයෙන් සුදු හාල් නිවුඩ්ඩ අයින් කරපු හාල් කන්න පුරුදුවෙලා ඉන්නවා…රතු හාල් නිවුඩ්ඩ පිටින් තියෙන් හාල් කන්න පුළුවන්නම් ඉතාමත්ම හොදයි…

එළවළු වශයෙන් ගන්න පුළුවන් ආහාර ගොඩාක් තියෙනවා…කැකිරි වගේ එළවළු වල හොද ප්‍රතිශක්තිකරණයක් තියෙනවා…ඖෂධීය ආහාර අත්හැරීම හා සෞඛ්‍ය පුරුදු අත්හැරීම තමයි මේ රෝගය ව්‍යාප්තියට හේතුව වන්නේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button