දේශීය පුවත්

අලුත් කොවිඩ් එන්නත ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙන්න.

10 දෙනෙකු ට ලබාදුන් විට ඉන් 9 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනයවීම වැළක්විය හැකි එන්නතක් හදිසි අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

අමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝ එන් ටෙක් යන සමාගම් විසින් නිපදවා ඇති එම කොවිඩ් එන්නත මිනිසුන් 43,500කට ලබාදී ඇති අතර ඉන් කිසිදු අයෙකුට අතුරු අබාධ මතුවී නොමැති බව වාර්තා වේ.

AV Rase

එම එන්නත මගින් කොරෝනා වෛරසය සමග සටන් කිරීමට මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරයි.

මෙය නව එන්නත RNA එන්නත් වර්ගයට අයත් වේ. වෛරසයේ කුඩා ජාන කේත එම එන්නත සඳහා යොදාගනී.

එය එන්නත් කළ විට මිනිස් සිරුර තුළ වෛරස නිර්මාණය වන අතර සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය බාහිර දෙයක් ලෙස හඳුනාගෙන ඊට එරෙහිව සටන්වැදීම අරඹයි.

එම එන්නත මාත්‍රා දෙකක් – පළමු මාත්‍රාව දී සති තුනක් ගතවූ පසු දෙවැනි මාත්‍රාව දෙයි – ලෙස ලබාදෙයි. එය ලබාදුන් මිනිසුන්ගෙන් 90% කට පමණ කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවන බව පර්යේෂණ වලින් ඔප්පු වේ තිබේ.

මේ වනතෙක් කිසිදු RNA එන්නතක් මිනිසුන් සඳහා භාවිත කිරීමට අනුමැතිය දී නොමැත.

ප්‍රථමයෙන් එන්නත දෙන්නේ කාටද?

එය සමහරවිට වයස අනුව තීරණය විය හැකිය. ඒ. වයස වැඩිවන විට කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම වැඩි බව වෛද්‍ය මතයයි.

එක්සත් රාජධානියේ, වැඩිහිටි නිවාසවල සිටින පුද්ගලයින් සහ එහි සේවක සේවිකාවන් එන්නත් ලැබීමට නියමිත ලැයිස්තුවේ ඉහළින් ම සිටී. අනතුරුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එන්නත් ලැබෙනු ඇත.

අනතරුව එන්නත ලබාදෙනු ලබන්නේ වයස කාණ්ඩය අනුවය. වයස අවුරුදු 50ට අඩු අයට එන්නත ලබාදෙනු ලබන ලැයිස්තුවේ අවසාන තැන හිමිවේ.

සියල්ල සැලසුම් කළ ආකාරයට සිදුවුවහොත් මේ වසරේ නත්තලට පෙර එන්නත් කිරීම ආරම්භ කළ හැකි බව විශේෂඥ මතය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button