දේශීය පුවත්

කොරෝනා එන්නත දෙන පළමු ශී‍්‍ර ලාංකික පිරිස සොයයි

කොරෝනා වෛරසය සදහා එන්නතක් සොයාගත් පසු එය පළමු අදියරේදී ලබාදිය යුතු මෙරට පුද්ගලයින් කවුරුන් දැයි මේ වනවිටත් සොයා බලමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියාසිටියේ මුල් අදියරේදී මෙරට ජනතාවගෙන් සියයට විස්සකට අදාළ එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇති බවයි.

 

එන්නත මිලදී ගැනීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් සිදුවෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළා. කෙසේවෙතත් කොරෝනා වෛරසයට සාර්ථක එන්නතක් මේ දක්වා සොයාගෙන නැහැ. එවන් තත්ත්වයක් තුළ එන්නතක් ලබාදීම සදහා සුදුසු පිරිස සොයන්නේ මන්දැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ප‍්‍රශ්න කළා.

 

එන්නතක් සොයා ගැනීමෙන් පසු එය මෙරට සියළු ජනතාවටම ලබාදිය යුතු බවත් එය දැවැන්ත කි‍්‍රයාවලියක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළා. එහි මූලික කටයුතු මේ මොහොතේ ආරම්භ නොකළහොත් ශී‍්‍ර ලංකාවට අවස්ථා අහිමිවීමට ඉඩ ඇති බවයි ඔහු කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button