Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.

කොරෝනා රෝග ලක්ෂණ දැන් වෙනස් හිසරදය තමා සුලබම – මහාචාර්ය ටිම් ස්පෙක්ටර්

“සම්භාව්‍ය”කෝවිඩ් රෝග ලක්ෂණ ලැයිස්තුව යාවත්කාලීන වියයුතු බවත් හිසරදය දැන් වඩාත් සුලභම ලක්ෂණය බවත් දෙවැන්න නාසය කැසීම – කිවිසුම් යාම කැස්ස ආදිය බවත් පසුගිය කාලයේ වඩාත් ප්‍රකට ලෙස කොරෝනා රෝගයට සම්බන්ධ අදහස් දැක්වූ එංගලන්ත වෛද්‍ය පර්යේෂක මහාචාර්ය ටිම් ස්පෙක්ටර් Sky News වෙත පවසා තිබේ.

මහාචාර්යවරයා පැවසුවේ මෑත දත්ත මගින් වෛරසය ඇතිවීමේ “සම්භාව්‍ය” සලකුණු උගුරේ අමාරුව වෙනුවට දැන් හිසරදය, නාසයේ කැසීම හා කැස්ස ලෙස වෙනස් වී ඇති බවයි.
ලොව පුරා මිලියන හතරකට අධික ජනතාවකගේ රෝග ලක්ෂණ, පරීක්ෂණ සහ එන්නත් පිළිබඳ තොරතුරු ගොනු කරමින් සිදු කළ අධ්‍යයන හරහා තහුවුරුවී ඇතැයි ඔහු කියයි.
මහාචාර්ය ස්පෙක්ටර් පැවසුවේ හිසරදයක් දැන් වඩාත් පොදු රෝග ලක්ෂණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින බවත්, එපරීක්ෂණයකට මුහුණ දුන් පුද්ගලයින්ගෙන් 60% ක් හිසරදය සමග වෛරසය සඳහා ධනාත්මකවූ බවත්ය.
නාසයේ කැසීම සහ උගුරේ අමාරුව ද පළමු තිදෙනා අතර සිටි අතර කිවිසුම් යාම සිව්වන ස්ථානයේ ලැයිස්තුගත කර ඇතත් එය නිරෝගී අය වරදවා තේරුම් ගැනීමෙන් ව්‍යාකූල විය හැකි බවද කීය.

උණ සහ සුවඳ හා රසය නැතිවීම වැනි ලක්ෂණ මේ වනවිට පිළිවෙලින් අංක හත්වැන්නට සහ නවයට පැමිණ ඇත.
නව දත්ත මගින් පෙන්නුම් කරන්නේ වර්තමාන “සම්භාව්‍ය” ලැයිස්තුවෙන් හඳුනා නොගත් පුද්ගලයින් හරහා නොදැනුවත්වම වෛරසය පැතිර යා හැකි බව යයිද ඔහු කියා තිබේ.

වැඩිවිස්තර ඇතුළත් ස්කයි නිවුස් වාර්තා මෙතැනින්
https://news.sky.com/story/covid-19-classic-coronavirus-symptoms-changing-as-expert-urges-government-to-update-list-12334746

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

1 week ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago