දේශීය පුවත්

මෙරට කොරෝනා ව්‍යාප්තිය ගැන නවතම තොරතුරු මෙන්න

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 430ක්….
කොරෝනා ආසාදිත මරණ 5ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගියා.
අවසන් වරට මියගිය පුද්ගලයා 48 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.
ඔහු නිවසේදී මිය ගොස් ඇති අතර, රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොරෝනා ආසාදන වීම හේතුවෙන් උත්සන්න වී මෙම මරණය සිදුව ඇති බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


මීට අමතරව ඊයේ පස්වරුවේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වුණා.
ඒ අනුව දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට 30 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ, මාසයකුත් සතියක කාලයකදීයි.
මේ අතර, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 430 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 14,715 දක්වා ඉහළ ගියා.
අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සියළුම දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් කොළඹ – උතුර, කොළඹ – මධ්‍යම, කොළඹ – දකුණ යන පොලිස් කොට්ඨාශ තුනෙහි නිරෝධායන මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කර ඇති බවයි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.
මේ අතර රැකියා සඳහා විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයින් 401 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.

 

AV Rase
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 325 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා අප්‍රිකාවේ විවිධ රටවලට ගොස් සිටි යුද හමුදාවේ සාමාජිකයන් 76 දෙනෙකු ද මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button