දේශීය පුවත්

කොවිඩ් මරණ සමාලෝචනයට කමිටුවක් පත්කළේ ඇයි ? හේතුව මෙන්න.

කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඒ පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කළ කමිටුව විසින් අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කළහැකි යැයි බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එම කමිටුව පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,

AV Rase

“පසුගිය දිනවල කොවිඩ් 19 රෝගය නිසා මරණ වාර්තා වීමේ යම්කිසි වැඩිවීමක් දැක්ක නිසත් මරණවලට පැහැදිලි හේතුව, කොවිඩ් – 19 රෝගයමය ද එහෙම නැත්නම් කොවිඩ් -19 රෝගය යම්කිසි ආකාරයකින් වක්‍රාකාරයෙන් වෙනත් නිදන්ගත රෝග නිසා සිදුවු මරණ ද විශේෂයෙන් නිවාසවලදී සිදුවු මරණවලදී මේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේ පමාවක් ද ? සෞඛ්‍ය අංශවල පමාවක් ද? එහෙමනම් ඒවට හේතු මොනවා ද ? මේ තත්ත්වය මඟහරවා ගැනීමට මොනවාද කරන්න පුළුවන් කියන කාරණා පිළිබඳව විශ්ලේෂණය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත්කරලා තියෙනවා. සතියක් ඇතුළත සිදුවු මරණ පිළිබඳ වාර්තාවක් එළිදකී කියන එක බලාපොරොත්තු වෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button