දේශීය පුවත්
කොරෝනා ආසාදිතයින් මියයෑමේ අවධානම ගැන වසංගත රෝග ඒකකය සිදුකළ අනතුර ඇඟවීම

දින 40කට ආසන්න කාලයක් තුළ කොරෝනා මරණ 30ක්…
ඊයේ වාර්තා වූ කොරෝනා මරණ ගැන, වෛද්යවරුන් කියන කතා..
මෙරට කොරෝනා රෝගීන් දස දහසකින් 28 දෙනෙකු මියයාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්යා අංශය පවසනවා.
එහි ප්රධාන වසංගත රෝග විද්යාඥ වෛද්ය සුදත් සමරවීර සඳහන් කළේ මෙරටදී මරණයට පත්වන බහුතරය වැඩිහිටි වයසේ පසුවන නිධන්ගත රෝගවලින් පසුවන අය බවයි.
කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී දින 40 කට ආසන්න කාලයක් තුළ මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්යාව 30 ක්.
ඊයේ දිනයේද කොරෝනා මරණ 5ක් වාර්තා වුණා.
පසුගිය දිනවල සිදුවූ මෙම කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව සතියක් තුළ ලැබීමට නියමිත බවයි වෛද්ය සුදත් සමරවීර කියා සිටියේ.
ඊයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 430 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර, එම සංඛ්යාව 251 ක්.
කොල්ලුපිටිය ප්රදේශයෙන් ඊයේ ආසාදිතයන් 55 දෙනෙකු හඳුනාගැනුනා.
එය ඊයේ කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්යාවයි.
ග්රෑන්ඩ්පාස් ප්රදේශයෙන් ආසාදිතයන් 32 කු හඳුනාගෙන ඇති අතර, පිටකොටුව ප්රදේශයෙන් ආසාදිතයන් 28 දෙනෙකු, කෙසෙල්වත්ත ප්රදේශයෙන් ආසාදිතයන් 25දෙනෙකු, මරදාන සහ මාළිගාවත්ත ප්රදේශවලින් ආසාදිතයන් 20 දෙනෙකු බැගින් වාර්තාවී තිබෙනවා.
දෙමටගොඩ ප්රදේශයෙන්ද ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය සඳහන් කළේ.

ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීම සඳහා කොළඹ නගරයේ සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්යාව 05 ගුණයකින් ඉහල දමා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරි රුවන් විජේමුණි කියා සිටියා.
Source : Hiru news