ගොසිප් පුවත්

ඉදිරි පැය 36 තුළදී සුළං තත්ත්වයේ වැඩිවීමක්

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි පැය 36 තුළදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙසේ සුළං තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50-60ත් අතර සුළං ඇතිවිය හැකියි.

මීට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහා නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකියි. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post ඉදිරි පැය 36 තුළදී සුළං තත්ත්වයේ වැඩිවීමක් appeared first on Colombo Times.

Back to top button