ගොසිප් පුවත්

ඊයේ සිදුවීම් නිසා තුවාලකරුවන් 84 දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ

ඊයේ කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇති වූ විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට තුවාලකරුවන් 84 දෙනෙකු ඇතුලත් කළ බව එම රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

ඒ උදෑසන ඇති වූ සිදුවීම් වලින් පුද්ගලයින් 42 ක් සහ රාත්‍රියේ පාර්ලිමේන්තුව අසළ ඇති වූ සිදුවීම් වලින් පුද්ගලයින් 42 ක් ලෙසයි.

එම තුවාලකරුවන් අතර පිරිමි පුද්ලයින් 79 දෙනෙකු සහ ගැහැණු පුද්ගලයින් 05 දෙනෙකු සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද සිටින බව කොළඹ ජාතික රෝහල් ආරංචිමාර්ග පවසුවා.
(colombotimes.lk)

Viber
colombotimes.lk

Back to top button