ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

දිවයිනේ දිස්ත්‍රික්ක 12 කින් ඊයේ (09) දිනයේදීත් ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනය තුළ ආසාදිතයින් 356 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 193 ක් බව සඳහන් කරන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු ඊයේ දිනයේ දී හඳුනාගත් බව සඳහන් කළේය.
මීට අමතරව කළුතරින් ආසාදිතයින් 28 දෙනෙකු, රත්නපුරින් ආසාදිතයින් 8 දෙනෙකු, මහනුවරින් ආසාදිතයින් 7 දෙනෙකු, මඩකලපුවෙන් ආසාදිතයින් 6 දෙනෙකු, කුරුණෑගලින් ආසාදිතයින් සිව් දෙනෙකු, මාතරින් ආසාදිතයින් තිදෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ගාල්ලෙන් ආසාදිතයින් දෙදෙනෙකු සහ අනුරාධපුර, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වු ස්ථාන පහතින් දැක්වේ.