දේශීය පුවත්
CID හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

වැඩ තහනමට ලක් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව අද (31) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
ගිනිඅවි සම්බන්ධ සිදුවීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඒ මහතාව අත් අඩංගුවට ගත් බව සඳහන්.
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුකෙරුණු විවිධ වංචා, දූෂණ, අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ ශානි අබේසේකර මහතා වත්මන් රජයේ ප්‍රබලයින් ගණනාවකගේම දැඩි වෛරයට ප්‍රාත්‍ර වූ අයෙකු බව රහසක් නොවේ.