මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල කැපී පෙනෙන චරිත හරහා අපි දැකපු චුලක්ශි රංගනයෙන් දායක් වුණු චිත්‍රපටයක් තමයි ‘ගිනිමල් පොකුරු’ කියන්නේ.

ඉතින් නිරූපණ ශිල්පිනියක් විදියටත් ඒ වගේම නර්තන ශිල්පිනියක් විදියටත් ඇගේ දස්කම් දකින අපි ඇය දේදුණු ආකාසේ චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක වුණා. ඉතින් මිස් ශ්‍රී ලංකා විදියට කිරුලු ලබලා තමයි චුලක්ශි කලාවට එකතු වෙන්නේ. ඉතින් පාසල් යන කාලේ ක්‍රීඩාවට යොමු වුණු චුලක්ශි ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා.

ඉතින් චුලක්ශිගේ අම්මා ව්‍යවසායක කාන්තාවක් නිසා ඇයත් සමග වැඩි කාලයක් ඉන්න බැරි වුණා. ඒ නිසා ඇය අම්මගේ අම්මා ඒ කියන්නේ ආච්චි එක්ක තමයි වැඩි හරියක් හිටියේ. ඒ නිසා ඇය දසමාසේ කියලා ආච්චි අම්මටත් වදිනවා. ඉතින් චුලක්ශි ආච්චිට කියන්නේ ඉස්කෝලේ අම්මා කියලා. ඒගැන ඇය මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ අම්මගේ අම්මට මම කියන්නේ ඉස්කෝලේ අම්මා කියලා. එයා ප්‍රින්සිපල් කෙනෙක් ඒකයි එහෙම කියන්නේ. අපේ අම්මා ව්‍යවසායක කාන්තාවක් නිසා අපිත් එක්ක එයාට කාලෙ ගත කරන්න බැරි වුණා. ඒ නිසා අපි වැඩි හරියක් හැදුනේ අපේ ඉස්කෝලේ අම්මා ගාව. ඉතින් දසමාසේ කියලා මම එයාටත් වදිනවා. මම කොච්චර ලොකු වුණත් එයාට තවම මම එයාගේ චූටි දුව.”

ඉතින් චුලක්ශි අවසාන වශයෙන් ඉස්කෝලේ අම්මා ගැන මේ විදියටයි කියලා තිබුණේ. ඉතින් චුලක්ශිගේ පවුලේ කවුරුත් කලාවත් එක්ක එකතු වෙලා නෑ. ඒ නිසා ඇය හිතන්නේ ඒක ඇය ලබන ලොකු භාග්‍යක් කියලයි චුලක්ශි අවසාන වශයෙන් සදහන් කරන්නේ.

The post මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව appeared first on FoxMedia.

Exit mobile version