දේශීය පුවත්

චීන සිනොෆාම් එන්නත මහනුවර කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගමෙන් නිපදවන්න යයි

චීනයේ නිෂ්පාදනය කරන ‘සිනොෆාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18 වැනිදා) හිමිවිය. මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කළේ ඇමති චන්න ජයසුමනයි.
එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මහනුවර පල්ලේකැලේ පිහිටුවා ඇති කෙලුන් ලයිෆ් සයන්ස් නමැති පුද්ගලික සමාගම (Kelun Lifescience (pvt) ltd) මේ වන විටත් චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබේ.

මෙම එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා උපරිමය වසර පහක කාලයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මිලදී ගැනීමටද යෝජනා කර ඇත.
එන්නත් නිෂ්පාදනය කිරීමේ අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගැනීම හා ගිවිසුම් අත්සන් කිරීමේ බලය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාට බලය පැවැරීමටද යෝජනා කර තිබේ.

විශාල ජනගහණයක් සහිත රටවලට එන්නත් ලබාදීමේදී විදේශවලින් ගෙන්වා බෙදාහැරීමට වඩා රට තුළම එන්නත් නිපදවීම වාසිදායි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා ඇති අතර ඒ සදහා උනන්දු කර තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ සමාගමක් නිපදවා බෙදාහරින අතර චීනයේ සිනොවැක් එන්නත බ්‍රසීලයේ දේශීයව නිපදවා බෙදාහැරීමද සිදු කෙරේ.
කෙසේ වෙතත් මෙලෙස බෙදාහැරීමේදී මුල් පේටන්ට් බලපත්‍රය ආකාරයට නිපදවීම සිදුවන්නේද යන්න තත්ව පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඇතැම්විට ලෝක සෞඛ්‍ය සංවිධානය එකී දේශීය නිපැයුම වෙනුවෙන් වෙනම බලපතක් ලබාදේ.
මෙසේ බලද්දී ලොව විශාල රටවල් වෙනම එන්නත නිපදවන්න තීරණය කිරීමට සාපේක්ෂව ලංකාව මෙවැනි දේකට කුඩා රටක් ලෙස අතගැසීම ආඩම්බරයට හේතුවකි.

Back to top button