විදෙස් පුවත්

සති හතරක් ඇතුළත කොරෝනා මට්ටු කරන එන්නතක් ගැන, චීනයෙන් ඇහෙන සුබ ආරංචිය මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා රටවල් ගණනාවක් අර්බුදවලට මැදිවී සිටිනවා.

කොරෝනා මට්ටු කළ හැකි එන්නතක් නිපදවීමට රටවල් රැසක් සුදානමින් සිටින අතර, ඒ අතර රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව හා චීනය පෙරමුණ ගන්නවා.

AV Rase

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය විසින් නිපදවූ එන්නත් සාර්ථක එකක් නොවන බවටත්, එයින් ජිවිත හානි සිදුවූ බවටත්, විදෙස් මාධ්‍ය පසුගිය දිනෙක වාර්තා කර තිබුණා.

මේ අතර, චීනය විසින් නිෂ්පාදනය කළ කොවිඩ් 19 එන්නත මගින් කඩිනම් ප්‍රතිශක්ති ගොඩනගන බව අනාවරණ වී තිබෙනවා.

සිනොයැක් – බයෝටෙක් චීන කොවිඞ් 19 එන්නත පිළිබඳ මූලික අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ එමගින් සති 4 කදී පුද්ගලයෙකු තුල කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනගන බවයි.

කෙසේ නමුත්, එම ප්‍රතිශක්තිය රෝගය වැලදී සුවවූ පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය තරම් ප්‍රබල නොවන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button