මව්පියන් ආසාදිතයින්වීමෙන් ඉන්දියාවේ දරුවන් කුසගින්නේ

මව්පියන් සහ ඥාතීන් කොවිඩ් -19 වෛරස ආසාදනයට ලක්වීම හේතුවෙන් ඉන්දියාවේ ළමා ප්‍රජාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින ගණනාවක් පුරා කුසගින්නේ පසුවීම, සුරක්ෂිතභාවය ගිලිහී යෑම සහ ඔවුන්ගේ රැකවරණය අහිමි වී යෑම දරුවන් දැඩි පීඩනයකට ලක් කිරීමට හේතු වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි. කොවිඩ් -19 තත්ත්වය හමුවේ ඉන්දියාවේ ළමා ප්‍රජාව පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙන් එරට රජයේ ඉහළ පෙළේ ආයතන වෙත දෛනිකව වාර්තා වන සිද්ධින්ද ඉහළ යමින් පවතින බව සඳහන්ය. කොවිඩ් අර්බුදයට මුහුණ දී සිටින සිය මව්පියන් සහ ඥාතීන් අහිමි වීම හේතු කොටගෙන එරට ළමා ජාවාරම් වර්ධනයවීමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා පවසයි.

Exit mobile version