සිංගප්පූරුවෙන් හමු වූ නව COVID-19 නව ප්‍රභේදයේ වැඩිම අවදානම දරුවන්ට

සිංගප්පූරුව තුළ වාර්තා වන COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාම සදහා හේතු වී තිබෙන නව වෛරස ප්‍රභේදයේ වැඩිම අවදානම දරුවන් වෙත එල්ල වී තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රථම වරට ඉන්දියාවෙන් හමුවූ වෛරස ප්‍රභේදය බවට මෙය දත් හඳුනාගෙන තිබේ ඒ අනුව මේ තත්වයත් සමග සිංගප්පූරුවේ පාසල් සියල්ලම වසා දැමීමට එරට බලධාරින් පියවර ගෙන ඇත. විශේෂයෙන්ම මෙම වෛරසයේ සිදුව ඇති විකෘතිතාව වැඩි වශයෙන්ම දරුවන් වෙත බලපානා බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ. ඒ අනුව එරට වයස අවුරුදු 16ට අඩු දරුවන් වෙත එන්නත්කරණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු පවසා තිබේ. පසුගිය ඉරිදා දිනයේදී පමණක් සිංගප්පූරුව තුළ නව ආසාදිතයන් 38දෙනකු හඳුනාගෙන ඇති අතර, ඉන් හතර දෙනෙකුම පාසල් වයසේ දරුවන් බව පැවසෙයි. එසේම සඳුදා දිනයේදී එම සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ නැග තිබේ.

Exit mobile version