Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
විදෙස් පුවත්

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි තවත් භයානක වෛරසයක් හඳුනාගැනේ

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බවයි.

2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට බොහෝ සමානකම් දක්වන චැපර් නමැති මෙම නව වෛරසය හඳුනාගෙන ඇත්තේ බොලිවියාවේ ලාපාස්හි සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී.

අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා ශ්වන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැකපලකර තිබුණා.

නමුත් පසුව සිදුකළ ඔවුන්ගේ ජෛව සාම්පල අධ්‍යයනයේදී මෙය නව වෛරසයක් බවත් පුද්ගලයින් අතර ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් අනාවරණවී තිබෙනවා.

මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙන මෙම වෛරසය 2004 වසරේදීද බොලිවියාවේ චපාරේ ප්‍ර දේශයෙන් වාර්තාවී තිබෙනවා.
ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කොවිඩ් 19 වෛරසයේ නිමාවෙන් පසු චැපර් නම් මෙම නව වෛරසය කෙදිනක හෝ වසංගතයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මේ පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කළ යුතු බවයි.

මේ අතර, කොවිඩ් 19 හේතුවෙන් ගෙවුණු දිනය තුළදි ලොව වැඩිම ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වුයේ අමෙරිකාවෙන්.

නව පුද්ගල මරණ 1956ක් ඊයේ අමෙරිකාවෙන් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 256,254ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් 173,632ක්ද ඊයේ අමෙරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

මේවන විට හඳුනාගෙන ඇති ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි හැටපන්ලක්ෂයකට අධිකයි.

ගෝලීය මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දහතුන් ලක්ෂ 55,000ක් ලෙසින්.

මේ අතර, අමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝන්ටෙක් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත අවසන් අදියරේ සිදුකළ සායනික අත්හදා බැලීම්වලදී 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බයෝන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඌර් සහීන් නිවේදනය කරන්නේ නත්තලට පෙර කොවිඩ් මර්දන එන්නත ජනතාවට ලබාදිය හැකිවනු ඇති බවයි.

ඉදිරි සති කිහිපයේදී මෙම නව එන්නතට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ මෙන්ම යුරෝපා සංගමයේද අනුමැතිය හිමිවනු ඇති බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේවන විටත් මෙම එන්නත ලොව බොහෝ රටවල් මිලියන ගණනින් ඇණවුම් කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස ප්‍රංශයට මෙම එන්නත ඊයේ ගුවන් මගින් රැගෙන ගියා.

මේ අතර, රුසියාවේ ස්පුට්නික් 5 එන්නතේ අවසන් අදියරේ සායනික අත්හදාබැලීම් සිදුකිරීමට එම එන්නත ඉන්දියාවේ මුම්බායි නුවරට ගුවන් මගින් රැගෙන ගියා.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago