තරු හුට පට

කැරොලයින් ජූරි කිරුළ අත්හරී

තමා ජයග්‍රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව පවසා ඇත.

පසුගියදා පැවති 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බව ඇය පවසයි.එම තරඟයේ අවසන් වටයට තේරී පත් වූ උපරිමයෙන් කටයුතු කළ සියලු තරඟකාරිනියන්ට සාධාරණ හා සැමට සමාන වූ අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමා පෙනී සිටි බව කැරොලයින් ජූරි මහත්මිය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.එම තරඟයේදී කිසිම තරගකාරියකට පක්ෂපාතිව හෝ විරුද්ධව කටයුතු නොකළ බව පවසන කැරොලයින් ජූරි මහත්මිය තමා දිනාගත් කිරුළ නැවත භාරදීමට කාලය එළැඹි ඇති බව තමන් දන්නා බව ප්‍රකාශ කර ඇත.

පසුගියදා පැවති මෙරට විවාහක රූ රැජිණ තෝරාපත් කර ගැනීම සඳහා පැවති තරඟයේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයෙකු බව පවසමින් ඇයට හිමි වූ කිරුළ එහි දෙවන ස්ථානය හිමි කරගත් තරඟකාරියට ලබාදීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කළේය.එම සිදුවීමට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කුරුඳුවත්ත පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළව කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පත්මේන්ද්‍ර යන අය ඊයේ (08) අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button