දේශීය පුවත්

තවත් පිළිකාකාරක පොල්තෙල් තොගයක් නැවත හරවා යැවේ

ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායට රැගෙනවිත් ඇති පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද (07) දිනයේ මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ පොල් තෙල් බහාලුම් තොගය රැගෙන යෑමට පැමිණෙන නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි.

ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් මෙට්‍රික්ටොන් 105ක් මීට පෙර ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබුණා. ඒ අනුව තවත් පොල් තෙල් බහාලුම් 12ක් අද දිනයේ ප්‍රතිඅපනයනය කිරීම සිදුවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.

Back to top button