ගොසිප් පුවත්

දත්තවල ආරක්ෂාව නැති කරන පුද්ගලික දුරකථන සමාගම් ගැන විශ්වාසය තවදුරටත් තබා ගත හැකිද..?

නූතන තාක්ෂණ ලෝකය තුළ දත්ත වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෑතකාලීනව මෙරට තුළ සිදුකෙරුණු දැවැන්තම දත්ත මගඩිය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධ පුවතයි. ජුලි මාසය මුලදී මේ දත්ත මැකීයාම සිදුවූ බව මාධ්ය මගින් අනාවරණය කෙරුණි.

මේ පිටුපස පුද්ගලික දුරකථන සමාගමක් සිටින බවද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. බටහිර මාෆියාවට අතහිත දෙමින් රටක සංවේදී තොරතුරු පද්ධතිය අනතුරේ හෙළීමට කටයුතු කර ඇති මේ සමාගම් මීට පෙරද චෝදනා ලබා ඇත්තේ තම අතිශය රහස්‍ය තොරතුරු ලෙස තබාගත යුතු පාරිභෝගිකයන්ගේ දුරකථන අංක තුන්වෙනි පාර්ශ්ව වලට අලෙවි කිරීම සම්බන්ධයෙනි.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධ පුවත පිළිබද අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිපෙන්වා දුන්නේ,

“මෙය සැලසුම්සහගත, හොඳම මාෆියා ක්‍රියාකාරිත්වයක් හැටියටයි දකින බවයි..එම සිදුවීම ගැන සෘජුව වග කිවයුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතු බවද ඔහු සඳහන් කරයි.

අද ඈත පිටිසර ගම්මානයක වුවද වෙසෙන අයෙකුට තොරතුරු දැනගැනීමේ පනත හරහා මේ ගැන විමසීමට අවස්ථාව හිමිය. බිම් මට්ටමින් මෙන්ම මාධ්‍ය අවකාශයන් තුළ විසිරී සිටින මහජන ක්‍රියාකාරිකයන් මෙහිලා ප්‍රමුඛත්වය ගැනීම අතවශ්‍යය.

Back to top button