ක්‍රීඩා පුවත්

බුම්රා එක්දින තරඟාවලියෙන් ඉවතට

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රා හට අහිමිවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබුණි.

එංගලන්තයට එරෙහිව පැවැති 3වන ටෙස්ට් තරගයෙන් පසු ජස්ප්‍රිට් බුම්රා පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින් ඉන්දිය සංචිතයෙන් ඉවත්විය.ඒ අනුව ඔහු යළි ජාතික කණ්ඩායමට පැමිණීම අපේක්ෂා කළ කාලයටත් වඩා වැඩි වනු ඇති බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වේ.

කෙසේවෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියෙන් ද ඔහුව විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මේ අතර එංගලන්තයට එරෙහිව 20-20 තරගාවලියට නම් කෙරුණු වරුන් චක්‍රවර්තී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වී ඇති බවටද තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button