විශේෂාංග

බක් පුර පසළොස්වක පොහොය අද

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස බක් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට සුවිශේෂි වෙයි.

බුදුරජණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවන්නේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයකවීම විශේෂත්වයකි.චූලෝදර සහ මහෝදර යන නාරජ දෙදෙනා අතර ඇති වූ ගැටුම සමතයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරනු ලැබුවේ අද වැනි පොහොය දිනකයි.

සිදුහත් කුමරු, සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වු මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.බක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් එෆ්.එම්.දෙරණ සංවිධානය කරන පොහෝ දින වැඩසටහන හිගුරක්ගොඩ කිරිමැටිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ සිට සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button