විදෙස් පුවත්

තම සහායිකාව ප්‍රසිද්ධියේ සිප ගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහායිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නැමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මඟින් පළ කිරීමත් සමඟයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතාවට ලබාදුන් උපදෙස්, නීති සම්පාදනය කරන පුද්ගලයෙක් වශයෙන් තමා අතින් ගිලීහී යාමේ වරද පිළිගනිමින් ධුරයෙන් ඉවත් වන බවත් ජනතාව කරන කැපකිරීම් වලට ගරු කරමින් තමා එම තීරණය ගත් බවත්ය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයින්ගෙන් ද සමාව අයැද තිබුණා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හිටපු චාන්සලර්වරයෙකු වන සජිඩ් ජාවිඩ් පත්කර තිබෙනවා.

එම සිදුවීමට සම්බන්ධ ජිනා කොලඩන්ජෙලෝ ද, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Back to top button