ගොසිප් පුවත්
නව කැබිනට් අමාත්‍යවරුන් 04 දෙනෙක් දිවුරුම් දෙයි

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් නව රජය යටතේ අමාත්‍යවරුන් 4 දෙනෙක් දිවුරුම් දී තිබෙනවා.
ඒ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයී.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දිවුරුම් දී ඇති අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම්දී තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා දිවුරුම් දුන් අතර කංචන විජේසේකර මහතා දිවුරුම් දුන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසයි.
(colombotimes.lk)


The post නව කැබිනට් අමාත්‍යවරුන් 04 දෙනෙක් දිවුරුම් දෙයි appeared first on Colombo Times.