විදෙස් පුවත්

බ්‍රසීලය ඛේදවාචකයක – ඇතැම් කොවිඩ් රෝගීන් ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කෙරේ

කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්ය.වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසිලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක් පවසන්නේ ඇතැම් කොවිඩ් රෝගීන් එලෙස කෘතිම ශ්වශන යන්ත්‍රවලින් ඉවත් කිරීමට සිදුව ඇති බවය.

මේ වනවිට බ්‍රසීලයේ කොවිඩ් වෛරසය ආසාදිතයන් ඉහළ යමින් පවතින අතර රටේ සෞඛ්‍ය පද්ධතියද කඩාවැටීමකට ලක්ව තිබේ.බ්‍රසීලය පුරා සෑම ප්‍රාන්තයකම පාහේ දැඩි සත්කාර ඒකකවල දැනට සිටින රෝගීන් අනුපාතය 80% හෝ ඊට වැඩි බව සඳහන් වේ.ඇතැම් රෝහල්වල 90% හෝ ඊට වැඩිවන අතර රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම නිසා මේ ආකාරයෙන් ඇතැම් රෝගීන්ට වෙන්ටිලේටර් පහසුකම් ලබා නොදීමට සිදුව ඇති බව පැවසෙයි.

පසුගිය දින කිහිපය පුරාම බ්‍රසීලයේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙන්ම වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවන් ද වාර්තා විය.ගතවූ පැය 24 තුළ එරටින් නව මරණ 1,570 ක් වාර්තා වෙද්දී නව ආසාදිතයන් ගණන දැක්වුණේ 53,386 ක් ලෙසිනි.බ්‍රසීල ජනාධිපති ජායිර් බොලසෝනාරෝ පවසන්නේ තමන් වසංගත යුද්ධයකට මුහුණ දී සිටින බවය.නමුත් ඔහු මේ වසංගතය මුල සිටම අඩු තක්සේරුවකට ගැනීමද එම තත්ත්වයට හේතු වී තිබේ.අද වන විට බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,051,619ක් වන අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 295,685කි.

Back to top button