විශේෂාංග

මම ගොඩක් අකමැතිම youtuber කියන වචනෙට

පවුලේ හිටියේ අම්මයි තාත්තයි මමයි පේමා කියලා මාව පොඩි කාලේ ඉදන් බලා ගත්ත කෙනෙයි..අම්මා තමයි රුපියල් දහ පහලොස්දහක පඩියකින් අපිව බලාගත්තේ මොකද තාත්තා රොගියෙක් පොඩි කාලේ ඉදන්… 2007 මම A/ L කලේ..A/L වලට maths කලේ.fail වුණා..මට O/L වලට A6 B2 යි තිබ්බා ඉතින් මම හිතුවා මම වැඩ්ඩෙක් මට පුළුවන්, යාලුවොත් කරපු නිසා රැල්ලට ගියා maths කරන්න ගොනෙක් වගේ..ඉස්කෝලේ එක එක club වලට බැදිලා ඒවල වැඩත් එක්ක ඉගෙන ගන්න එක අමතක වෙලා ගියා..අම්මා maths වලට class යවන්න හදනකොට මම අම්මට කිව්වා අම්මේ මට class යන්න ඕන නෑ මේක මම කොහොමත් fail exam ඉවර වෙලා job එකකට ගිහින් මම එතන ඉදන් හැදෙන්නම් කියලා. A/L ඉදර වෙලා මාසෙකට පස්සේ මම software company එකක marketing executive කෙනෙක් විදියට..ඒ දවස් වල යන එනමක් නැතුව හිටියේ එක එක වැඩ කරන්න ඔලුවේ අදහස් තිබුණා බැංකුව වැඩ කරන්න flight Stuart කෙනෙක් වෙන්න එක එක ඒවා ඔලුවේ තිබ්බා..lawyer කෙනෙක් වෙන්න තමයි mainly plane එක තිබ්බේ.
පොඩි කාලේ ඉදන් හිතාගෙන හිටියේ බර්ගර් කියලා බදින්න යද්දි තමයි දැනගත්තේ සිංහල කියලා. මගේ අම්මා දෙමළ..තාත්තා බර්ගර් සිංහල mix එකක්.wife මුස්ලිම්..මගෙ ළමයි Sri Lankan full mix එකක්.. පුංචි කාලේ ඉදන් මාව බලාගත්තේ අම්මා රුපියල් දහ පහලොස්දහේ පඩියෙන් කන්න බොන්න දීලා ඉගන්නලා හැමදේම කලේ මගේ අම්මා.. මගේ අම්මා ගොඩක් සංවේදී චරිතයක්..මම ගොඩක් ආදරේ කරන චරිතය..මම මේ තත්වෙට ආවේ මගේ අම්මා හින්දා කවුරුත් මට හිටියෙ නෑ. අපේ පවුලේ එවුනුත් අපිව අත ඇරලා තියෙද්දි මගේ අම්ම තමයි හැමදේම කලේ. මගේ අම්මා තමයි මගේ farther. තාත්තා රෝගියෙක් මම ඒ රෝගය කියන්න කැමති නෑ එයාටත් කරන්න දෙයක් නෑ.. මම හැදුන වැඩුන පරිසරය දන්න මිනිස්සු ඉන්නවා.. මට එපා වෙලා තිබ්බේ ඒ ගෙදර ඉන්න එකත් ඒ නිසාම තමයි මම ගොඩක් club වලට බැදුනේ රගපාන්න ගියේ..මම කතෝලික ඉස්සර පල්ලි යනවා ඒ ගිහිල්ලා දෙවියොන්ගෙන් එක එක දේවල් ඉල්ලනවා මට ඒ දෙවල් කියන්නත් බෑ. ඇයි මට මෙහෙම කරන්නේ..ඇයි මගේ ජීවිතෙ මෙච්චර අවුල්..ඇයි අපි මෙච්චර දුප්පත් ගෙදර ඉන්න බෑ අම්මා තාත්තා ගහගන්නවා ඇයි මට මෙහෙම කරන්නේ මෙහෙම කරන්න එප මම පොඩි එකෙක් මේකමට විසදලා දෙන්න මම පොඩි එකෙක් කියලා අනන්ත අප්‍රමාණ මම දෙවියන්ට කියලා තියෙනවා.
Blok & Dino හැදුනේ අහම්බෙන්..මට dino ව සෙට් වෙන්නේ stage drama කරන කාලේ..ඉස්කෝලෙන් අයින් වුණ ගමන් මම නාට්‍ය ගොඩක රගපාලා තියෙනවා ඒ අතර පුස්වෙඩිල්ලෙදි මට dino ව සෙට් වුනා. එදා practice ඉවර වෙලා රෑ ගෙදර යන්න මම වාහනේ නැගලා යන්න හදද්දි මූ ඇවිල්ලා ජනේලෙට තට්ටු කරලා ඇහුවා මචං උඹ රත්මලානටනේ යන්නේ මාව දාන්න පුලුවන්ද කියලා..මම කිව්වා ආ වරෙන් වරෙන් කියලා නග්ගගත්තා..අද වෙනකන් තාම වහනෙන් බැහැලා නෑ තාම යනවා. මොකද ඌට වහනයක් නෑ. ඊට පස්සේ මම direct කරපු නාට්‍ය කිහිපයකත් dino රගපානවා. ටික කාලයක් ගියාම අපි කතා වෙනවා videosවගේ කරන්න ගමුද මචං කියලා.. selan එකේ video එකක් අපි දෙන්නා කරනවා ඒක සැරටම viral වෙනවා එතනින් තමයි block & Dino හැදෙන්නේ.. 2018 නොවෙම්බර් වල තමයි channel එක පටන් ගත්තේ… 2019 තමයි අපි company එක පටන් ගන්නේ blok & dino production කියලා. දැනට client ලා 25 ක් 30 එක්ක වගේ වැඩ කරලා තියෙනවා. Full Time Staff එකේ ඉන්නේ දෙන්නම් අපි දෙන්නා විතරයි.. මට කුනුහර්ප කියන්න එපා කියලා අමන්තවත් මිනිස්සු කියලා තියෙනවා.කුනුහර්ප කියන එකත් හරියට අර tattoo ගහලා යන මනුස්සයෙක් වගේ..කුනුහර්පයක් කිව්වම අපෝ මහ ජරා මනුස්සයෙක් tattoo එකක් ගැහුවම ඌ මහ ජරා මනුස්සයෙක්..එහෙමෛ කියන්නේ. ඒ වුණාට ඔය මුකුත් කරන්න්ව්ව් නැති සුදනා වගේ ඉන්න උන් තමයි පිටිපස්සට පිහියෙන් ඇනලා කරන්න තියෙන ඔක්කොම බලු වැඩ කරන්නේ..රියල් ගෙහාන් බ්ලොක් කියන එකා ගොඩක් කුණුහර්ප පාවිච්චි කරනවා..
Tv එකෙන් පස්සේ ගත්තොත් මිනිස්සු ගොඩක්ම බලන්නේ YouTube. YouTube කියන මේ මාධ්‍ය ජාලාවේ හෙන influence එකක් තියෙනවා ලංකාව තුළ. සමාජ මාධ්‍ය තුළ ඉන්න අය quality වැඩ කරන තාක්කල් buying power එක අඩුවෙන්නේ නෑ. මෙහෙ නිකන් phone camera එකෙන් video එකක් කරලා YouTube දැම්මොත් කියන්නේ අපෝ මූ YouTube කාරයෙක්.. YouTube කාරයෙක් කිව්වම තත්වේ ගොඩක් පල්ලෙහාට දාලා කතා කරන්නේ. මම ගොඩක් අකමැතිම වචනයක් තමයි youtuber කියන වචනේ. “මම content creator කෙනෙක්”…

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button