දේශීය පුවත්

ICU Unit එකක ඇඳ කියන්නෙ එක දෙයක් විතරයි – තිස්ස ජනනායක

ප්‍රකට දේශක තිස්ස ජනනායක මහතා ICU beds සම්බන්ධයෙන් කර තිබෙන පැහැදිලි කිරීමක් මේ සමග පළවේ.

පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් කතා කරල තිබ්බා ICU beds ගැන. එක ඇත්තම තත්ත්වය මොකක්ද ?එක මොන වගේද? ඒ පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කරන්න කියලා කියලා තිබුණා .හැබැයි ICU unit ඒක ගැන ගත්තොත් මගේ bilogy විෂය පථයෙ උගන්වන්න තියෙන දෙයක් නෙමෙයි.

incentive care unit එකේ අතීතය ගැන මම හොයලා බැලුවා. මම හිතනවා එකේ ස්ටෝරි එක නම් ඕගොල්ලොන්ට එච්චර වැදගත් වෙන්නේ නැති වෙයි කියලා. 1953 දී පමණ පෝලියෝ වසංගතයට මුහුණදීමේදී බොහෝ රෝගීන් සඳහා නිරන්තරයෙන් ස්වසන ආධාරක සහ monitoring අවශ්‍ය වූ නිසා එය සඳහා විශේෂිත වූ ඒකකයක් ලෙස පළමු ICU ඒකකය පටන් අරගෙන තිබෙනවා. ඉතිං ඊට පස්සේ ඉඳන් ප්‍රධාන රෝහල්වල intensive care unit එකක් තියෙනවා . මීට අවුරුදු දහයකට විතර කලින් මාත් දවස් දාහතරක් intensive care unit එකේ හිටියා. ඒ ඩෙංගු රෝගය හැදිලා. ලංකාවේ icu beds කියන වචනෙ තමයි ගොඩක් වෙලාවට දැක්කේ අන්තර්ජාලය සහ ගොඩක් තැන් වල. icu ඇඳන් කියන එක තමයි පාවිච්චි වෙන්නේ’ එතකොට සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් කොහෙන් හරි යකඩ ටිකක් අරගෙන පට පට ගාලා ඇඳන් හදන්න පුළුවන්නේ icu එකට කියලා. ඇත්තටම icu ඇඳ කියලා කියන්නේ icu unit එහෙක එක කොටසක් විතරයි.

තව ඒකට ඕන කරන විශාල අංගෝපාංග ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව ඇදක් තිබීමෙන් පමණක් මේක ප්‍රමාණවත් නෑ. සාමාන්‍යයෙන් හොස්පිට්ල් එක තියන ඇඳක් ගත්තොතින් එහෙම අනිත් ඇඳන් වලට වඩා උසයි. ඒ ඇයි? ඒ උසට හදලා තියෙන්නේ වෛද්‍යවරයාට මෙහෙම ඉන්නකොට මේ ඉන්න ලෙවල් එකෙන් එයාගේ ඇස් මට්ටමින් රෝගියාව පරීක්ෂා කරන්න පහසු වෙන්න. ඒකටයි එහෙම තියලා තියෙන්නෙ. මොකද ලංකාවෙ ගත්තොත් එහෙම වෛද්‍යවරු හරි අනුපමේය සේවයක් කරනවා. මේකෙදි incentive care unit එකේ වැඩ කරන කොට විශේෂයෙන්ම කොරෝනා රෝගීන් බලන අවස්ථාවක මුළු ශරීරයම ආවරණය වෙන ඇඳුමක් අඳින්න ඕනේ. ග්ලවුස් කීයක් දානවද සම්පූර්ණයෙන්ම මේ ඇදුම් ඇදගත්තා ට පස්සේ නිකන් තම්බනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒවගේ එකක් ගලවන වෙලාව වෙද්දී වෛද්‍යවරුන්ගේ අන්තිමට ඇඳල හිටපු ඇඳුම ඇඟට ඇලිලා තෙත්වෙලා. සමහර වෙලාවට ඔබ දැකලා ඇති ගර්භනී කාන්තාවෝ ඉන්නවා වෛද්‍යවරු විදිහට මෙහෙම ක්‍රියාකරන. එ කුසත් දරාගෙන ඒගොල්ලො උපරිම කැපවීමක් කරනවා.

ඒ වගේම තමයි අපේ වෛද්‍ය පරීක්ෂණගාරවල pcr පරීක්ෂණවලට ගෙන සාම්පල බලන අය මහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා ලොකු අවදානමක් සහිතව .ඔබ දකින්නැති පහුගිය කාල වල pcr සාම්පල විසිපන්දාහක් පමණ ගොඩ ගැහිලා කිව්වා .ඒකට හේතුව තමයි මම දැනගත්ත විදිහට ඒගොල්ලොන්ගෙ අදිකාල දීමනා රජයේ නවත්තලා දාලා තියෙනවා .ඒක නිසා ඒගොල්ලොත් ගානට පැය අටට සේවය කරනවා. රෑ එලි වෙනකම් වැඩ කරන්නේ නැහැ කියලා .ඉතිං ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ වගේ වසංගතයක් පැතිරෙන වෙලාවක ඒ දේවල් පිළිබඳ මීට වැඩිය ඉතාමත් කල්පනාකාරීව බැලිය යුතුයි. එහෙම නැති වුණොත් මුළු රටම විනාශ වෙන්නත් පුළුවන්. Icu යුනිට් එක ගත්තොත් එහෙම ඒතන තියන ඇඳත් හරිම විශේෂිත ඇඳක්. මේ ඇඳ සාමාන්‍ය ඇඳට වඩා වෙනස්. මේක කෑලි තුනකට තියෙන්නේ. ඒකෙ තියෙනවා රෝගියා මෙහෙම තිබ්බට පස්සේ වෛද්‍යවරයාට අවශ්‍ය පරිදි ස්වංක්‍රීයව එහෙම නැත්නම් කකුලෙන් පාගලා ස්විච් එකක් ඒක උස් පහත් කරගන්න අවශ්‍ය විදියට හදාගන්න.

මොකද සමහර වෙලාවට blood pressure හොඳටම අඩු උනාට පස්සේ ඔලුවෙන් පල්ලෙහාට යවලා අනිත් පැත්ත උඩට උස්සනවා .එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ .ඒ වගේම සමහර අවස්ථාවලදී රෝගියා ව ස්වංක්‍රීයව හරවන්න පුළුවන් වෙන්න ඕනේ සැරින් සැ.රේ මොකද සමහර වෙලාවට එතන ඉන්නේ සිහිය නැති රෝගියෙක් වෙන්න පුළුවන්. එතකොට ගර්භනී කාන්තාවක් උනහම එයාව කෙලින්ම මෙහෙම තියන එකෙන් දරුවාට යම්කිසි හානියක් වෙන්න පුළුවන් .ඒ වගේ වෙලාවක පොඩ්ඩක් ඇල කරන්න පුළුවන් වෙන්න ඕනි අර ඇඳ. එතකොට මේ ඇඳේ තියෙනවනේ වටේට ආධාර ඒවා ගලවන්න පහත් කරන්න ඊට පස්සෙ ඇඳ උත්සන්න ආපහු පහත් කරන්න ඔය කියන සියලු දේවල් ටික ICU bed බ එකක තියෙන්න ඕනේ.

හොස්පිට්ල් වල ඉන්නවනෙ වෛද්‍යවරු ,හෙදියෝ ඉන්නවා ඒ වගේම සෞඛ්‍ය සේවා තව සේවාවන් සපයන අය ඉන්නවා .එතකොට ඒගොල්ලන්ගෙ යම්කිසි ස්ටාෆ් එකක් තියෙනවා එතකොට ස්ටාෆ් ඒගොල්ලන්ට තියෙනවා යම්කිසි capacity එකක්. එකට දාන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. එතකොට ඒ ධාරිතාව අපිට පෙනී යනවා දැන් ඉක්මවා යනවා කියලා. රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ ගොල්ලන්ව බලාගන්න පුළුවන් ස්ටාෆ් එකේ capacity වඩා. අන්න එහෙම උනාම තමා බරපතළ ව්‍යසනයක් බවට පත් වෙමින් පවතින්නේ .ඉතින් ඒ හින්දා ඒ අය කරනු ලබන මහා සේවාව අපි ඇගැයීමට ලක් කරන්න ඕනේ.

ICU bed එහෙක ඉන්න රොගියාගේ අවශ්‍යතාවය අනුව මේ වටේ තියන යුනිට්ස් වල අවශ්‍යතාවයක් වෙනස් වෙනවා. ඒ අවශ්‍යතාවය කොයි වෙලාවේ පැනනගී ද දන්නෙ නෑ .ඒ නිසා ඒ හැම යුනිට් එකක් ම තියෙන්න ඕනේ. සමහර අවස්ථාවලදී සමහර අවයව අකර්මණ්‍ය වෙනවා ICU රෝගියාගේ.

arterial blood gass කියලා එකක් තියෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් දමනි දෙකක් එනවා අතට.ඒ ඒක ප්‍රධාන දමනයක් ඇතුළත catheter එකක් දාලා ඉවර වෙලා ඒක සම්බන්ධ කරනවා sensor එකට. ඒ sensor එකෙන් පෙන්නනවා ඔක්සිජන් වල ආංශික පීඩනය කියන එක.රුධිරේ ඇතුලේ කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවද කියන .එක සමහරවිට මෙහෙමයි අපි හිතමු රුධිරේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය 100 වෙලා තියෙද්දිත් අනිත් එක්කෙනා පෙන්නන්නෙ සංතෘප්තයි කියලා. දෙසිය වෙලා තියෙද්දිත් මෙයා පෙන්නන්න සංතෘප්තයි කියලා හයසිය වෙලා තියෙද්දිත් මෙයාව පෙන්නන්නෙ සංතෘප්තයි කියලා. මේකෙදි ඇත්තටම 100 නම් එන්න ඕන අගය එයාගෙ මෙතනින් හරියටම හොයාගන්න පුළුවන්. එතකොට අපි අර අනවශ්‍ය ප්‍රමාණයක් ඔක්සිජන් සපයන එක නවත්තලා ඔක්සිජන් ඉතුරු කරගන්න පුලුවන්. ඒ නිසා මේ යුනිට් එක අත්‍යවශ්‍යයි. ඊට පස්සෙ තව එකක් තියෙනවා invasive blood pressure monitor . invasive blood pressure monitor එක කියන්නේ මේකෙදි ඒකත් අර වගේම ධමනියට ඇතුල් කරනු ලබන sensor එකක් මගින් අපේ හෘදය සංකෝචනය වෙනකොට ප්‍රෙෂර් එක ඉහිල් වෙනකොට ප්‍රෙෂර් එක continuously පෙන්වනවා. අඩුවෙනවද වැඩි වෙනවද කියලා. සාමාන්‍ය අගේ තියනවද කියලා මේකෙදි පෙන්වනවා. කොහොමද ප්‍රෙෂර් එක වෙනස් වෙන්නේ කියලා ඒක අනිවාර්යෙන්ම monitor එකක් විදියට තියෙන්නම ඕනෙ.

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් කියන්නේ අයි සී යූ යුනිට් එකේ වැඩ කරද්දි calculation තමයි හැම වෙලාවෙම තියෙන්නෙ කියලා. ගණනය කරන්න ඕන මේවායින්. ගණනේ කර කර තමයි අවශ්‍ය දේවල් පාලනය කරන්න ඕනේ. නැත්තං අනතුරේ ජීවිතේ රොගියාගේ. ඒක නිසා invasive blood pressure monitor එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.

ඊලඟ එක cvp line කියලා එකක් .ඒසී cvp line එකෙන් කරන්නේ මේකෙ තියනවා මේතන තියනවා ශිරාවක්. එක උත්තර මහා ශිරාව ට මෙතැනින් විදලා එතනින් බටයක් දනවා ඒක තුනකට බෙදෙනවා. මේ තුනෙන් එකකින් අපේ පරීක්ෂණ වලට blood ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා inputs. එතනින් තමයි දෙන්න තියන බෙහෙත් ජාති ගොඩක් ඒව දෙන්නේ .ඒ දෙනකොට invasive blood pressure monitor ඒකින් පෙන්නනවනම් එන්න එන්නම අඩු වෙනවා කියලා ඒ blood pressure එන එක අඩු වෙන එක වළක්වන්න ඇඩ්‍රිනලින් නොරැඩ්ලනින්, ඩොපැමින් වගේ ඖෂධ වර්ග මේ අයි වී එකක් හැටියට දෙනවා .ඒක දෙනකොටත් ඉන්ජෙක්සන් එකක් ගහන විදියට දෙන්න බැහැ.

ඊළඟට තියනවා ventilator කියලා එකක්. ventilators ත් තියෙනවා එක එක වර්ගයේ. මේ ventilate එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ පෙනහළු ඩැමේජ් උනහම හුස්ම ගැනීමට අපහසුතාවයට පත් උනාම මේකෙන් දෙන්න පුළුවන් ඔක්සිජන් මාස්ක් එකක් වගේ එකක් හයි කරලා. ඒක හරහා ඔක්සිජන් දෙන්න පුලුවන්. එතකොට මෙතන දෙන්න පුළුවන් ප්‍රමාණය 50% ද 70% ද 90% ද කියලා මේකෙන් පාලනය කරගන්න පුලුවන් .ඊළඟට සමහර වෙලාවට එයාගේ සිහිය නැතිවෙලා ගිහින් අර ස්වසන චලන නතර උනහම වුනොත් ආශ්වාස ප්‍රශ්වාස නතර උනොත් එහෙම දැන් හුස්ම ගන්න එක සිද්ධ වෙන්නේ නෑ .ඒ වගේ වෙලාවක ඒ endotracheal tube එකක් තියෙනවා. ඒ endotracheal tube එක සම්බන්ධ කරල තියෙන්නෙ ventilator එකට .මේ endotracheal ටියුබ් කියන එකේ කෙලවරේ තියෙනවා විශේෂ උපාංගයක්. එතකොට මේ බටය දානවා අර ස්වාසනාලය y අකුර වගේ බෙදෙන තැනට චුට්ටක් උඩට එනකන් දාලා අර balloon එකක් තියෙනවා ඒක පුම්බලා ඒක හිර කරනවා එතන. ඊට පස්සේ ventilate එකෙන් කරන්නේ ගන පීඩනයක් යටතේ ඔක්සිජන් විතරක් නෙමෙයි නිකම්ම ඔක්සිජන් ගලාගෙන යනවා නෙමෙයි ගන පීඩනයක් ඔස්සේ යවනවා. මේ පීඩනයත් හරිම පාලනයෙන් පාලනය කරන්න ඕනේ .

එහෙම නැති වුනොත් වෙන්නේ ගර්ත වලට ඕනවට වඩා දරන්න බැරි පීඩනයක් ගියොත් ගර්තය පුපුරා යන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි මේ ගර්ත ඇකිලෙනවා. ගර්ත ඇකිලෙන එකත් වැළැක්වීම සඳහාත් ventilate එකෙන් ප්‍රෙෂර් කන්ට්‍රොල් කරගන්න පුළුවන්.

අනිත් එක මේ පුද්ගලයාට ඔක්සිජන් සහිත වාතේ දෙනකොට ඒක ජල වාෂ්ප එක්ක එකතු කරලා ජල වාෂ්ප සංතෘප්ත කරලා තමයි දෙන්නෙ. ඒකත් මේකෙන් කරන්න පුළුවන්. වායු හුවමාරු වෙන්නේ ඔබ දන්නවා ගර්තය හරහා වතුරේ දියවෙලා .ඒ වතුර ගතිය ඒ තෙතමනය නැති උනොත් එහෙම වායු හුවමාරුව ඔක්සිජන් හුවමාරුව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ventilate එහෙකුත් ඕනේ. ඒ ventilate එක පාවිච්චි කරන්න හොඳ තාක්ෂණික දැනුමක් තියන්නත් ඕනේ.

සමහර වෙලාවට මේ ventilate එක හරහා සමහර රෝගවලදී සති දෙක තුන විතර මේක සපයන්න වෙනවා. එතකොට continuously ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය වෙනවා .ඒ උස cylinder වලින් සපයන්නත් පුළුවන් නැත්තං ලොකු ඔක්සිජන් ටැංකි වලින් සපයන්නත් පුළුවන්. හැබැයි එච්චර කරලත් ඒක කරන්නේ ඒ කාලේ ඇතුලතදී එයාගේ ලාන්ස් recovery වෙනවද කියල බලන්න. එතකොට ඒ ලාන්ස් recovery උනේ නැත්නම් ඔහු මරණයට පත්වෙනවා.

මේකෙ තියෙන ලොකුම තාක්ෂණික උපකරණය තමයි ecmo කියන එක. මේ ecmo කියන මැෂින් එක ventilate එකටත් වඩා advanced. මේකෙන් අපිට සපයන්න පුළුවන් වෙන්නේ ගර්ත වලට ඔක්සිජන් සපයන එකනේ. ගර්ත එපැයි රුධිරයට ඔක්සිජන් මාරු කරගන්න. එතකොට ගර්ත හරියට වැඩ කරේ නැතොත් අපි කොයි තරම් ඔක්සිජන් දුන්නත් ගර්ථයෙන් රුධිරයට ඔක්සිජන් මාරු වෙන්නේ නැත්නම් මෙතනින් කොච්චර ඔක්සිජන් දුන්නත් මොකද වෙන්නේ රුධිරයට ඔක්සිජන් එන්නෙ නෑ. එතකොට අපි කොච්චර ventilate කරත් රුධිර ඔක්සිජන් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙලා යනවා නම් ඒ ගැන ගර්ත වලින් හරියට මේක මාරු වෙන්නේ නෑ .ගර්තය ඒ තරම් දුර්වල වෙලා.

එතකොට රෝගියා මිය යන්න පුළුවන්. එවැනි තත්ත්ව එකට ආවහම හැබැයි මේ ගර්තය තව දවස් තුන හතරකින් recover වෙන්නත් පුළුවන්. ඒ වෙනකොට හැබැයි ගර්තයට බෑ ඔක්සිජන් ටික රුධිරයට දෙන්න. දැන් අපිට ක්‍රමයක් තියෙනවා නම් direct රුධිරේට ඔක්සිජන් ටිකක් දෙන්න වැඩේ හරි. ඒක තමයි ෙම් තුළින් කරන්ෙන්. රෝගියාගේන් රුධිර එළියට අරගෙන ecmo යන්ත්‍රයට අරගෙන ecmo යන්ත්‍රය මඟින් oxygenated කරනවා එළියෙන්. ඊට පස්සේ රුධිරයට ඔක්සිජන් දීලා ඒ රුධිරය ටික ආයිත් රෝගියාටම දෙනවා. දැන් රෝග ගර්ත වැඩ කරන්නේ නෑ .ගර්ත වලින් රුධිරයට ඔක්සිජන් එන්නේ නෑ. හැබැයි පිටස්තර මැෂින් එහෙකින් ඔක්සිජන් එනවා රුධිරයට .එතකොට දවස් කිහිපයක් අපිට බලන්න පුළුවන් ecmo යන්ත්‍රයට හයි කරලා මෙහෙම බාහිරින් ඔක්සිජන් දීදී බලන්න පුළුවන් ගර්ත recover වෙනවද කියලා. recover වෙමින් පවතිනවා නම් අපිට ආපහු ventilate එකට මාරු වෙලා සාමාන්‍ය තත්වයට යන්න පුළුවන්. මරණය සිද්ධ වෙන එක වළක්වන්න පුළුවන් .හැබැයි මම අහල කියන පරිදි ලංකාවෙ තියෙන්නෙ එක ecmo යන්ත්‍රයයි කියලා තමයි මම අහල තියෙන්නෙ.ICU unit ගත්තොත් එහෙම ලංකාවෙම තියෙන්නේ පන්සියයකට විතර ආසන්න ප්‍රමාණයක් . ඒකෙන් ecmo යන්ත්‍රයක් තියෙන ICU යුනිට් එකක් තියෙන්නේ කියලයි මම අහලා තියෙන්නෙ. ඉතිං ඕකයි ලංකාවෙ තත්වෙ. එතකොට මේ ecmo ඒක තුළින් තව දෙයක් කරන්න පුළුවන්. අපි හිතමු හෘදයක් වැඩ කරන්නේ නෑ .හර්දය වැඩ කරන්නේ නැත්නම් මේකට වෙනම preasure එකක් දීලා ඔබ දන්නවනේ ඔක්සිජන් oxygentated කරන්න පෙනහළු ඕනනේ. blood pump කරන්න රුධිරය ඕනේ . oxygenated කරලා pump කරන්නේ මොළයට. දැන් pump එක වැඩ කරන්නෙත් නෑ.

ඔක්සිජන් filte ඒක එක වැඩ කරන්නෙත් නෑ. එතකොට මොළයට රුධිරය එන්නෙත් නෑ. ඔක්සිජන් එන්නෙත් නෑ. ecmo යන්ත්‍රයට පුළුවන් පුද්ගලයාගේ රුධිරය එලියට අරගෙන එලියට අරගත්ත රුධිරයට oxygenated කරලා යන්ත්‍රය ඇතුලෙදි හෘදය වැඩ කරන්නේ නැත්නම් හෘර්දයෙන් දෙන පීඩනය දීලා ආපහු සපයන්න පුළුවන් .ඒ කියන්නේ පෙනහළු වැඩ කරන්නේ නැතුව හෘදය වැඩ කරන්නේ නැතුව මනුස්සයා නොමැරී තියාගන්න පුළුවන්. ඒක එහෙම තියාගන්නේ සමහර විට මේ හෘදය නතරවීම තාවකාලික එකක් වෙන්න පුළුවන් .ඒකට යම්කිසි ප්‍රතිකාර ටිකක් කරනකං මේ මැෂින් එකෙන් දුවන්න පුළුවන්. ඒ හින්දා හෘර්දයෙන් කරන කාර්යය එළිය කරන්න පුළුවන් .පෙනහැලි වලින් කෙරෙන කාර්ය එළිය කරන්න පුළුවන්. එතකොට totally පෙනහැලි වැඩ කරන්නේ නෑ. හෘදය වැඩ කරන්නෙත් නෑ .ඒ උනාට හෘදයෙන් කෙරෙන රුධිර පොම්ප කිරීම ecmo මැෂින් එකෙන් කරනවා. එතකොට ventilate එකට වඩා එක් මේ යන්ත්‍රය ඇඩ්වාන්ස්. හැබැයි රෝගියෙක් ටික දවසක් ඔක්සිජන් මේ ඇගේ අවයව වලට දීගෙන තියාගන්න පුළුවන් නම් සමහරවිට පෙනහැලි වල ගර්ත recovery වුනොත් දවස් දෙක තුනක දී රෝගියාට නැවත ජීවිතේ ලැබෙනවා. එහෙනම් පෙනහැලි වල ගර්ත recovery වෙනකන් totle heart failure එකක් ඇවිල්ලා තිබුනත් ecmo යන්ත්‍රයෙන් ටික දවසකට එක ගිහිහිල්ලා ඒ කියන්නේ පෙනහැල්ලේන් සහ හෘදයෙන් කෙරෙන කාර්යය බාහිරින් කරලා රෝගියාට නැවත පෙනහැලි යථා තත්වයට පත් වෙයිද කියන එකත් බලන්න පුළුවන්. සමහර අයගේ එහෙම වෙලා යථා තත්වෙට පත් වෙනවා. ඉතින් බලන්න මේ වගේ යුනිට් එක තියන වටිනාකම කොච්චරද කියලා.

මේ අපි කිව්වේ මේකේ තියන භෞතික දේවල්. ඒත් මේ භෞතික දේවල් ටික තිබ්බට වැඩක් නැහැ මෙන්න මේ ටික නැත්නම්. ඒ තමයි මානව සම්පත් ටික නැත්නම් මුකුත් කරන්න බෑ .එතකොට මේකේ ඉන්න ඕනේ ස්ටාෆ් එක කවුද. ඉතින් medical staff එකේ තියෙන capacity එක පැන්නොත් ඔක්කොම ඉවර වෙනවා කියන්නේ අන්න ඒක නිසයි ..දැන් ICU bed 3 තියනවා කියලා හිතන්න . එතකොට මේ හැම bed එහෙකටම මේ යුනිට් එකක් ඕනේ කොරෝන වගේ තත්වෙක නම් මේවා separate වෙන වෙනම තියෙන්න ඕනේ නැත්නම් විසබීජ යන නිසා. එතකොට මේ bed එහෙකට අනිවාර්යෙන්ම පැය 24 ම ඒ bed එකේ ඒ රෝගියා ඒ රෝගියා observe කරගෙන එයාව පාලනය කරන්න එක nurse කෙනෙක් පැය 24 ම ඉන්න ඕනේ. එතකොට මේ අය නිරන්තරයෙන්ම එතන ඉන්න ඕනේ. එතකොට මේ යුනිට් එකට මේ යුනිට් එක බලාගෙන ඉන්න continuous observe කරන්න medical officer කෙනෙක් ඕනේ.එකේ තියෙන bed තුනයි නම් මේ beds තුන මේ ටික බලාගන්න අනිවාරෙන්ම medical officer කෙනෙක් හැම වෙලාවෙම ඉන්න ඕනේ.

ඊට පස්සේ මේකේ incharge විදියට medical officer ට උඩින් ඉන්න ඕනේ. consultant anasthesia ඩොක්ටර් කෙනෙක් specialist doctor කෙනෙක් ඉන්න ඕනේ. ඔන්න ඔහොම ස්ටාෆ් එකක් අවශ්‍ය වෙනවා ඊට තව ඕනේ කනිෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් පිරිසක්. ඒ වගේම මේ ටික AC කරපු පරිසරයක තියාගන්න ඕනේ. විසබීජ අයින් කරන්න පුළුවන් විදියේ filters සහිත AC system එහෙකුත් තියෙන්න ඕනේ. එතකොට හිතන්න කොච්චර සංකීර්ණයි ද කියලා.

හිතන්න මේ පලවෙනි රෝගියා බලා ගත්ත පලවෙනි බෙඩ් එකේ රෝගියාව බලාගත්ත ෙකනා තමන්ගෙ Shift එක ඉවර වෙලා ගෙදර යන්න ඕනේ. එතකොට අලුත් එක්කෙනා එන්න ඕනේනේ. අලුත් එක්කෙනා එන්න ඕනේ තමන් තමන්ගේ Shift එක පටන් ගන්න පැයකට කලින් .එතකොට ඒ දෙන්නම හම්බවෙනවා කලින් Shift එකේ හිටපු nurse සහ ඊළඟට අලුත් Shift එක පටන් ගන්න nurse හම්බවෙලා මේ පලවෙනි එක අපි කියනවා handover කරනවා කියලා එ කියන්නේ මම නම් හිටියේ nurse ඊළඟ Shift ආපු එක්කෙනාට මේ රෝගියා පිළිබඳ සියලුම තොරතුරු ටික කියලා දෙන්න ඕනේ .මොනවද දුන්න drugs මොනවද ?එයාගෙ calculations මොනවද ඔක්කොම ටික කියලා දෙන්න ඕනේ. එතකොට මේ එක bed එකක් maintain කරන්න වෙන අනන්මනන් දේවල් වලට නැතුව සාමාන්‍යයෙන් එක දවසකට ලක්ෂකට වඩා වියදම යනවා. සමහර අවස්ථාවලදී එක රෝගියෙක් සුවපත් වෙලා මේකෙන් එළියට එද්දි ඒ රෝගියා වෙනුවෙන් මිලියන හතරත් පහත් අතර සංඛ්‍යාවක් යනවා. ඒ නිසා මේක සාමාන්‍ය සරල සිදුවීමක් නෙමෙයි. කොරෝන වගේ රෝගයකදී මේක තවත් සංකීර්ණයි .ඉතිං ඒ නිසා මේ පහසුකම් අපිට තියෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ නිසා රජය විසින් ඇඳිරි නීතියක් නොදා lockdown නොකළත් ඔබ විසින් ඔබට lockdown වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔබට කරන්න පුළුවන් හොඳම උදව්ව.

Back to top button