බාබා වංගාගේ අනාවැකිය හරි ගිහින්ද? පූටින් ජනපති පුටුවෙන් නික්ම යන්න සැරසෙයි ?

අත් වෙව්ලීම, පය පැකිළීම සහ අමතක වීම වැඩී – අත්සන් කරන්නත් බෑ..
68 වන වියේ පසුවන පූටින්ගේ තත්ත්වය එන්න එන්නම නරක අතටලූ…

සිය සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස පිරිහීම නිසා ලබන වසරේදී ජනාධිපති තනතුර හැර යෑමට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් අදහස් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බව පුටින්ගේ සමීපතමයන් හෙළි කර තිබෙනවා.
ඉහත රෝගී තත්ත්වය නිසා 68 වැනි වියේ පසුවන රුසියානු නායකයා අත් වෙව්ලීම, පය පැකිළීම සහ අමතක වීම වැනි සංකූලතා පෙන්නුම් කරන බව නිරීක්ෂකයෝ පවසනවා.
ඇතැම් අවස්ථාවල අත්සන් තැබීම සඳහා අතැඟිලි අතර පෑන රඳවාගැනීම පවා ඔහුට දුෂ්කර වී තිබෙනවා.
මේ වනවිට වසර 20කට අධික කාලයක් පුටින් රුසියාවේ නායකත්වය හොබවා තිබෙනවා.
එසේම මෑතක පවත්වන ලද ජනමත විමසුමකින්, ධුරය දැරිය හැකි වාර ගණන සීමාවකින් තොරව තව බොහෝ කාලයක් බලයේ රැඳී සිටීමට ඔහුට ජනවරමක්ද ලැබුණා.
නමුත් මෙම ජනමත විමසුමේදී පුටින්ගේ පාක්ෂිකයන් වංචනික ක්‍රියා සිදු කළ බවට එරට විපක්ෂය චෝදනා කළා.
මෑතකදී විපක්ෂයේ ප්‍රධාන නායකයකු වන ඇලෙක්සේයි නවාල්නි හට වස දී ඝාතනය කිරීමට තැත් කළ බවටද පුටින්ට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත්, මේ සමඟින් නැවත වතාවක් ප්‍රසිද්ධ බල්ගේරියානු ජාතික “බාබා වංගා”-ගේ අනාවැකි කරළියට පැමිණෙනවා. බාබා වංගා කියන්නේ ගුප්ත අනාවැකි පළ කළ කෙනෙක්. 1911 උපත ලැබූ ඇය මෙතෙක් පළ කළ අනාවැකි-වලින් 85%ක් පමණ නිවැරදි බවයි සඳහන් වන්නේ.
ඒ අතර ලෝක වෙළඳපොළ කඩා වැටීම, ISIS ත්‍රස්තවාදීන්ගේ නැඟී සිටීම, 9/11 ත්‍රස්තවාදී ප්‍රහාරය වැනි දේ හඳුන්වන්නට පුළුවන්.
2019 වර්ෂයේදී පූටින්ට යම් අනතුරක් එල්ල වන බවට ඇය අනාවැකි පළ කර තිබුණා. එනම් පූටින් සමීපතමයෙකුගේ ප්‍රහාරයට ලක්වන බවයි.
නමුත් ඔහු එයින් දිවි ගලවා ගන්නා බවද ඇය සඳහන් කර තිබෙනවා.
ඇය ඇගේ අනාවැකි අතර ට්‍රම්ප් මිය යන බව සඳහන් කළ නමුත්, එය සිදු නොවීමත් විශේෂත්වයක්. (මෙය හඳුනා ගත නොහැකි රෝගයකින් සිදුවන බවයි ඇය කීවේ.) හදිසියේ ට්‍රම්ප්ට කොරෝනා වැළඳීමත් සමඟ මේ ගැනත් බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා.
ඇය කියූ ආකාරයට ලෝක බලවතා මිය යන රෝගය, “කොරෝනා” ද යන්න සියලු දෙනා සැක පළ කළා.