ගොසිප් පුවත්

ගාලු කොටුවෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීම ගැන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියූ දේ

පසුගිය බදාදා (29) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළින් පිහිටි ගාලු කොටුවෙන් ඉවත් කළ විරෝධතාකරුවන් ඔවුන්ගේ පිතිකරුවන්ට බාධාවක් නොවූ බව සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතරවාරයේදී රාජ්‍ය විරෝධී බැනර් සහ පුවරු රැගත් විරෝධතාකරුවන් රැසක් හමුදා නිලධාරීන් විසින් බලහත්කාරයෙන් එතැනින් ඉවත් කළා.

නමුත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා The Morning පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පිතිකරුවන්ට බාධාවක් නොවන පරිදි විරෝධතාකරුවන් ඉවත් කළ බවයි.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම එවැනි ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර කොටුවේ සිදුවෙමින් පවතින දේ ඔවුන්ගේ ක්‍රීඩා කිරීමට ප්‍රශ්නයක් හෝ බාධාවක් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)

Viber
colombotimes.lk

The post ගාලු කොටුවෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීම ගැන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියූ දේ appeared first on Colombo Times.

Back to top button