ඔස්ට්‍රේලියාවේ අලුත්ම covid-19 ආසාදනයෙ මුල් සොයන්න පටන්ගනී

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී හමුව ඇති අලුත්ම covid-19 ආසාදනය වීම සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු විමර්ශනය කරමින් සිටින බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බලධාරින් පවසයි. ඔවුන් පවසන ආකාරයට මෙම ආසාදනය වීම පිළිබඳව මෙතෙක් පැහැදිලිව අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.  මෙම ආසාදිතයා 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බව පැවසෙයි. එහෙත් ඔහුට එය ආසාදනය වීම සඳහා ඔහු සබඳතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව හෝ ඉහළ අවදානම් රැකියාවක් පිළිබඳව හෝ මෙනෙක් පැහැදිලිව අනාවරණය වී නැත.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ආසන්න සතියේදී ගමන් කළ ස්ථාන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මේ අතර ආපන ශාලා, කැෆේ සහ සාප්පු සංකීර්ණද ෙවයි.  දැනට ඔහු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඔහු සතුව මෙතෙක් එරට තුළ covid-19 ආසාදිත වූ පුද්ගලයන්ට වඩා වැඩි වයිරස අංශු ධාරිතාවක් පවතින බව හඳුනාගෙන ඇත. ඒ අනුව ඔහු හරහා විශාල පිරිසකට වෛරසය බෝවීමේ හැකියාවක් පවතින බවත් දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version