ගොසිප් පුවත්

දැන් මට අවුරුදු 38ක් අපි වයසයිනෙ දැන්, අලුත් නිළියන්ට අවස්ථාව දෙන්න ඕන – අශිකා මතසිංහ

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ලක් වෙන කෙනෙක් තමයි සිරස නාලිකාවේ විකාශය වන ‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ මිනෝලි. ඉතින් මිනෝලි විදියට රංගනයෙන් දායක වෙන ඒ ජනප්‍රිය කලා ශිල්පිනිය තමයි අශිකා මතසිංහ කියන්නේ. හරිම නිහතමානී කලා කාරිනියක් වන අශිකා වැඩි හරියක්ම පුංචි තිරයේ අහිංසකාවියක් විදියටයි අපි අතරට එන්නේ. ඉතින් ඊට හාත් පසින්ම වෙනස් විදියේ රංගනයක් තමයි මේ තුලින් අපිට දැක ගන්න ලැබෙන්නෙ.

ඉතින් කාගෙවත් හිත රිද්දන්න අකමැති අශිකාගේ මේ මිනෝලි චරිතය ඇගේ සාමාන්‍ය ජීවිතයට වඩා හාත් පසින්ම වෙනස් චරිතයක්. ඒ නිසාවෙන්ම ඇයට මෙම චරිතය ලොකු අභියෝගයක් වුණා. ඉතින් දරුවන් තිදෙනෙකුගේ මවක් වන අශිකාගේ නිවසත් ප්‍රේක්ෂකාගාරයක්. ඇගේ රංගනයට ගෙදරිනුත් ප්‍රතිචාර ලැබෙනවා කියලයි අශිකා සදහන් කරන්නේ.

ඉතින් සැමියාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන නිසා ඇයට රංගන කටයුතු කරගැනීම පහසු වුනා. ඉතින් සැමියා කලාවට කැමති කෙනෙක් නිසාම ඔහු කලාවට පුදුම ලැදියාවක් තියෙනවා කියලයි අශිකා පවසන්නේ. ඉතින් ඒ වගේම ඇගේ ජීවිතේ තවත් අත්දැකීම් ගැන ඇය පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම කැමතියි දරුවො තුන් දෙනාවත් කලාවට සම්බන්ධ කරන්න. ඉතින් මේ වනවිටත් දරුවො වෙළදදැන්වීම වලටයි ටෙලි චිත්‍රපට වලටයි සසම්බන්ධ කරගෙන තියෙනවා. දැන් මට අවුරුදු 38ක්. ළමයි තුන් දෙනෙක්ගෙ අම්ම කෙනෙක්. ඉතින් දැන් අපි වයසයිනේ. ඒ නිසා අලුතෙන් එන තරුණ ගැහැණු ළමයිට අවස්ථාව දීලා මට ගැලපෙන ඒවා විතරක් බාර ගන්නවා.

මට බ්‍රයිඩල් ෆොටෝ ශූට් වලට ආරාධනා ලැබෙනවා. ඒවා පුලුවන් විදියට කරගෙන යනවා. මගේ දරුවොන්ට වයස අවුරුදු 7,10,11 වයස් වල ඉන්නේ. ඉස්සර මම රගපාන නාට්‍යය මගේ බබාලා බලන්නෙ නෑ. ඒත් හිත ළග හිනැහුනා නාට්‍යය ඕන කෙනෙක්ට බලන්න පූලුවන් නිසා බබාලට බලන්න දෙනවා.’’

ඉතින් මේ විදියට තමයි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ලස්සන පවුල් ජීවිතයකට වගේම ඉදිරි කලා වැඩ කටයුතු වලටත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post දැන් මට අවුරුදු 38ක් අපි වයසයිනෙ දැන්, අලුත් නිළියන්ට අවස්ථාව දෙන්න ඕන – අශිකා මතසිංහ appeared first on FoxMedia.

Back to top button