Uncategorized

ළමයි තුන්දෙනෙක් ඉඳලත් තවමත් බෝනික්කෙක් වගේ හැඩකාර අශිකා

වෙළඳ දැන්වීම් ඔස්සේ ප්රේක්ශක ආදරය ඉමහත් ලෙස ලබාගත් අපූරු රංගන ශිල්පිනියක් ගැන තමයි මේ කතා කරන්නේ. රංගනය තුලදී ඇය කෙටි කාලයකදී විවිධ චරිත නිරූපණය කරන්නට සමත් වුණා. ඒ නිසාම බොහෝ දෙනෙකුගේ ආදරයටත් ප්රශංසාවටත් ලක් වන්නට ඇයට හැකි වුණා. ඇය නමින් ආශිකා මතසිංහ. ඉතින් මේ වනවිට ඇය විවාහ වෙලා වසර දොළහක් සම්පුර්ණ වෙන බව තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම ඇය ආදරණීය දරුවත් තිදෙනෙකුගේ මවක්ද වනවා.

ඉතින් කාලයක් අපිට ඇයව දැකගන්නට නොහැකි වුණා පුංචි තිරයෙන් හෝ සිනමාවෙන්. නමුත් මේ දවස් වල ඇගේ අපූරු චායාරූප පෙළක්ම සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වනවා. ඉතිං මේ චායාරූප වල ඇය සැරසී සිටියේ මනාලියක් ලෙස. ඉතින් අපිත් බැලුවා ඇත්තටම ඇය නැවත විවාහ වෙලාද කියල.නමුත් ඉතින් එහෙම දෙයක් නම් නෙවෙයි වෙලා තිබෙන්නේ. සුන්දර මනාලියක් ලෙස සැරසිලා අපූරු ෆොටෝශූට් එකක් තමයි මේ විදියට කරලා තිබෙන්නේ.

ඉතින් ඇයව අපුරුවට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූප කරන ආයතනයක් වන Events Studios Photography ආයතනය විසිනුයි. ඉතින් මේ චායාරූප වල තිබුණු ස්වභාවික බව නිසාම තමයි ගොඩාක් අය මේ ඇයගේ විවාහය කියලා හිතුවේ.

කොහොම වුණත් ඉතින් ඇයගේ පවුලේ විස්තර ගැන කතා කරනවිට සැමියා සහ දරු තිදෙනා තමයි ඉන්නෙ. ඇයගේ සැමියා ගුවන් හමුදාවේ සේවය කරනවා කියන බොහෝ දෙනෙක් දන්න කරුණක් බවට පත්වෙලා තිබුණා. දරුවන් තිදෙනෙක්ම සිටියත් ආශිකා තවමත් හරිම සුන්දර තරුණියක් ලෙස තමයි අපිට පේන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා ඇයනම් කියලා තිබුණේ. ලස්සන වෙන්න නම් කරුණාව දයාව සහත හදවතක් තියෙන්න ඕනේ කියලා. හදවත පිරිසිදු වුණාම මුහුණත් ලස්සන වෙනවා කියල තමයි ඇය සඳහන් කරලා තිබුණේ.වැඩි දුරටත් ඇය කියලා තිබුණේ පුංචි කාලෙ මල්වට්ටියක් පූජා කරල ලස්සන වෙන්න කියල ප්රාර්ථනා කලාලු.

ඉතින් ඇගේ සැමියාත් ඇයව ඕනම තැනකට යද්දී ලස්සනට හැඩට එක්කරගෙන යන්න කැමතියිලු. එහෙම ගියාම යාළුවන්, ඥාතීන් අශිකාගේ ලස්සන ගැන වර්ණනා කරනවා අහන්නත් ඔහු කැමතියි කියලයි සඳහන් කරල තිබුණේ. අශිකාගේ පුංචිම පුතා අශිකාගේ බෙල්ල බදාගෙන මගේ අම්මා අද හරී ලස්සනයි කියනකොට අශිකාට දැනෙන සතුට කියලා නිමකරන්න බැහැලු. ලස්සන කියන්නේ පූරුවේ පිනට හිමිවෙන දෙයක්. ඒ නිසා මේ ජීවිතයේ කරුණික හදවතක් එක්ක කාටවත් වරදක් නැතිව ජීවත් වෙන්න පුලුවන් නම් හැමෝම ලස්සනට හිදීවි කියල තමයි අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ.

Back to top button