ක්‍රීඩා පුවත්
අසංක ගුරුසිංහ, නයිජීරියානු ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

දකුණු අප්‍රිකාව සමඟ පාල් හිදී ඊයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් කඩුළු 04 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත පිල සමත් වුණා.
දකුණු අප්‍රිකාව සිය පන්දුවාර විස්ස තුළ කඩුළු 06 ක් දැවී ලකුණු 146 ක් රැස්කළ අතර, එංගලන්තය පන්දුවාර 19 යි පන්දු 05 කදී කඩුළු 06 ක් දැවී ලකුණු 147 ක් ලබමින් තරඟයේ ජය හිමිකර ගත්තා. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තයට දෙකට බිංදුවක් ලෙස විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟාවලියේ ජයග්‍රහණය හිමි වනවා.
මේ අතර, නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක අසංක ගුරුසිංහ පත්කර තිබෙනවා.
හෙට සිට වසර 03 ක කාලයක් ඔහු නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.
අසංක ගුරුසිංහ, 1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්.