
රංගන ශිල්පිනී ටනාෂා හතරසිංහ කියන්නේ ද අද වන විට අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනා ඇති යොවුන් රංගන ශිල්පිනියකි. ආයුර්වේද වෛද්‍යවරියක් වීමට හීන දැකපු ඇය අද වන විට අපේ රටේ රංගන ශිල්පිනියක් බවට පත් වී තිබෙනවා.
නමුත් ඇයව මුල් වරට හඳුනා ගනු ලබන්නේ මිස් ශ්‍රී ලංකා තරගාවලිය ඔස්සේය. මෙහි ඔස්සේ ඇයට රංගන වරම් හිමිවන අතර වෙළඳ දැන්වීම් ඔස්සේ ද ඇයව මුල් වරට දැක ගැනීමට හැකි වුණා.
ටෙලි නාට්‍යවලට අමතරව යැයි සිනමාවට ද යොමු වී ඇති අතර පළමුවෙන් සිනමාව සඳහා රංගන දායකත්වයක් ලබා දෙන්නේ රේන්බෝ චිත්‍රපටය සඳහාය.

අද වන විට ටෙලි නාට්‍ය රැසකින් ඇයගේ රංගනය දැක ගැනීමට හැකි වන අතරම මේ නිසාම කාර්යබහුල රංගන ශිල්පිනියක් අශේන් ඇයටද කටයුතු කිරීමට සිදුවී තිබෙනවා. ඒ රංගනයෙන් වගේම නිවේදන කටයුතු සී මෙන්ම නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ද දැක ගැනීමට හැකි වනවා.
නීල පබළු ටෙලි නාට්‍යය ඔස්සේ සුවිශේෂී රංගනයක් රසිකයන්ට දැකගැනීමට හැකි වනවා. නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යාමට සිටිය ඇය අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වී තිබෙනවා.

“මගේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් මම හුඟක් සතුටු වෙනවා මාත් එයලාට ගොඩක් ආදරෙයි ” ඇය විසින් පවසා තිබෙනවා.මේ වන විට පෙම්වතියක් වන ඇය තව වසර දෙකකින් පමණ විවාහ විමට සිටින බව රසිකයන් හට මතක් කර සිටියේ මේ ආකාරයටයි.
”මගේ පෙම්වතා අනුරාධ එයා කලාවට සම්බන්ද නෑ, එයා ව්‍යාපාරිකයෙක්, අපේ ප්‍රේමයට දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අනුරාධ හරිම අහිංසකයි ගොඩක් හොඳයි හැමෝම ගැන හිතන මනුස්සකම තියෙන කෙනෙක් එයා අපි 2023 විවාහ වෙන්න ඉන්නේ”









