ක්‍රීඩා පුවත්

අරවින්ද සහ සනත් නැවත පිටිය ට

කොවිඩ් 19 අරමුදලට ආධාර එක්රැස් කිරීමේ අරමුණෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් අතර ප්‍රදර්ශනාත්මක 20යි 20 තරගයක් මැයි 4 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) නිල වශයෙන් නිවේදනය කළේය.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම නම් කර ඇත්තේ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ ලෙසයි.’ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායමට සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා ඇතුළු 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ද ඇතුළත් බව වාර්තා වේ.ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් ඇතුළත් අනෙක් කණ්ඩායම ‘ටීම් ශ්‍රී ලංකා’ ලෙස නම්කර තිබේ.

එම ක්‍රිකට් තරගයෙන් උපයා ගන්නා සියලු මුදල් කොවිඩ් 19 අරමුදලට බැර කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.තරගය මැයි මස 4 වැනිදා රාත්‍රි 7ට ආරම්භ වන අතර එම තරගය සජීවීව ලොව පුරා විකාශය කිරීමට සැලසුම් කර ඇති බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button