මෙරට වයස 15 -19 අතර දරුවන්ට දීමට අනුමත කළ එන්නත

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී කළ තීරණයකට අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

මිට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇති.

Exit mobile version