දේශීය පුවත්

බස්නාහිරින් පිටවෙමින් සිටි තවත් 7කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පිටතට යමින් සිටි පුද්ගලයින් පිරිසකට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී කොවිඩ් -19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (14) බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී මෙම පරීක්ෂාවන් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී පුද්ගලයින් 326 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button