දේශීය පුවත්

ඇන්ටිජන් කට්ටල රජයේ ප්‍රධාන රෝහල් වෙත

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හදුනාගැනීම සඳහා යොදා ගැනෙණ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල සියලු ප්‍රධාන රෝහල් වෙත මේ වන විට ලබාදී ඇති බව රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස් රත්නායක මහතා පවසයි.

පෞද්ගලික රෝහල්වලටද පී.සී.ආර් පරීක්ෂණයට අමතරව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති අතර එම පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

AV Rase

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍යක හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස්.රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ආර්.එම්.එස් රත්නායක මහතා,

“මේ වෙන කොට රජයේ ප්‍රධාන රෝහල් සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ලබා දීලා තියෙනවා. ඒක වෛද්‍යවරුන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රජයේ අධීක්ෂණයක් යටතේ අපි පෞද්ගලික රෝහල්වලටත් පීසීආර් පරීක්ෂණයට අමතරව ඇන්ටිජන් පරීක්ෂණයත් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. අවසරය ලබා දීලා තියෙනවා. අපි ඒක විශේෂ අධීක්ෂණයකට ලක්කරන්න කටයුතු කරලා තියෙනවා. පෞද්ගලික රෝහල්වලට යම් සැත්කමකට රෝගියෙක් භාජනය කරනවා නම් ඒ අයට මේක පාවිච්චි කරන්න අවසරය තියෙනවා. “

මේ අතර, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස් රත්නායක මහතා කරුණු පැහැදිලි කළේය.

“රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකට අපිට වැය වෙන්නේ රැපියල් 1200ක වගේ මුදලක් මේ වන විට. අපි රජය විසින් සැලසුම් කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අපිට ලබා දීලා තිබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්වලට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන තව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් තිබෙනවා නම් ඒවත් අපි ලියාපදිංචි කරලා, ගුණාත්මකභාවය පරීක්ෂණයට ලක්කරලා, ඒවත් අපි රටේ පාවිච්චි කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, විශේෂයෙන්ම තරගකාරී මට්ටමකට ආවට පස්සේ මිල අඩුවීමක් වෙයි කියන එක. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළමු තොගය ලක්ෂයක් හා ඊළඟ තොගය ලක්ෂ 4ක් ලැබෙන්න නියමිතයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්. මේ වන විට අපිට තොග තියෙනවා 50,000ක් විතර. ඊට අමතරව ලක්ෂ 4ත් ලැබුණම අපිට කටයුතු කරන්න පුළුවන් වෙයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button