අරුම පුදුම

අලුත උපන් බිලිදාගේ සිරුරේ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය වෙයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී පසුව සුවය ලබා සිටි ගැබිනි කාන්තාවක බිහි කළ බිලිඳකුගේ සිරුරේ, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් එහෙයින් ස්වභාවිකව ප්‍රතිශක්තියක් නිර්මාණය වී බවත් සිංගප්පූරු වෛද්‍යවරු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

නින් චැංග් නමැති මෙම සිංගප්පූරු මව, කොවිඞ් 19 වයිරස ආසාදිතයකු බව හඳුනාගෙන ඇත්තේ පසුගිය මාර්තුවේදීයි. ඉන්පසු සති දෙකක් වැනි කාලයක දී ඇය පූර්ණ සුවය ලබා ඇති අතර දරු ප්‍රසූතිය සඳහා සුදානම් වී ඇත්තේ පසුගිය සතියේ බවත් සඳහන්.

AV Rase

‘කොවිඞ් 19’ ආසාදිත තැනැත්තියක වූ බැවින්, වෛද්‍යවරුන් කාන්තාව ගැනත් අලුත උපන් බිලිඳා ගැනත් විමසිල්ලෙන් පසු වූ අතර බිලිඳාගේ රුධිර සාම්පල වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබෙනවා. ඒ අනුව තහවුරු වී ඇත්තේ, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිදේහ මවු කුසේදී බිලිඳාට ලැබී ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button